මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන්  භාණ්ඩ ගබඩා කිරීමේ අංගණයක වී ගබඩා කිරීමට තමා කිසිදු උපදෙසක් නොදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දූෂණ හා වංචා පිළිබඳව සොයා බැලීමේ
ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමි ඊයේ (23) කියා සිටියේය.වත්මන් රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා පිළිබඳ සොයා බැලීම  සඳහා ජනාධිපති පරික්ෂණ කොමිසම පත් කර තිබේ.

2015 වසරේ රටපුරා අතිවිශාල වී අතිරික්තයක් පැවති බවත්, ඒ අනුව වී  මිළ ස්ථාවරව පවත්වාගෙන යෑමත්, එම වී අතිරික්තය අනාගතයේ ප්‍රයෝජනයට  ගැනීම නිසි ලෙස ගබඩා කරවීමට අවශ්‍ය පිළියම් යෙදීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් කමිටුවක් පත් කළ බවත්, එම කමිටුව විසින් ඉහත කී සියලු කර්තව්‍යයන් සොයා බැලු බවත් අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ සාක්කි දෙමින් වැඩිදුරටත් සඳහන් කස්ය.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වී ගබඩා කිරිමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් ගොනු කර ඇති පැමිණිල්ලට අදාළ සාක්කි ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කොමිසම හමුවේ මේ බව සඳහන් කළේ. අග්‍රාමාත්‍යවරයා මෙම කොමිසම හමුවේ පෙනී සිටි දෙවැනි අවස්ථාවද මෙය වේ. අග්‍රාමාත්‍යවරයා ඊයේ (16) පෙරවරු 10.30 සිට මධ්‍යහන 12.15 දක්වා පැයකුත් විනාඩි 45 ක කාලයක් කොමිසම හමුවේ සාක්කි දුන්නේය.

එහිදී කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා මෙම ගුචලතොටුපළේ වී ගබඩා කිරීමෙන් එහි කීර්තිනාමයට හානියක් සිදුවූවා නේදැයි අග්‍රාමාත්‍යවරයාගෙන් විමසූ විට ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා  කියා සිටියේ එම ගුවන්තොටුපළට ඇති කීර්තියක් නොමැති බවත්, ලෝකයේ හිස්ම ගුවන්තොටුපළ ලෙස එය හැඳින්වෙන බවත්ය.

හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා ගබඩා මධ්‍යස්ථාන 16ක මෙට්‍රික් ටොන් 8100 ක හිස් ගබඩා කිරිමේ පහසුකම් තිබියදී වී මෙට්‍රික් ටොන් 4000ක් මත්තල ගුවන්තොටුපළේ ගබඩා කිරීම රජයේ දේපළ අවභාවිත කිරීමක් දැයි කොමිසමේ සභාපතිවරයා ඇසු ප්‍රශ්නයට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එය ගැන තමන් කරුණු  කිසිවක් නොදන්නා බවත්, ඒ ගැන වි අලෙවි මණ්ඩලයෙන් විමසීම් කළ යුතු බවත්ය.

මත්තල ගුවන්තොටුපළ යනු මහජන සුබසාධන ව්‍යාපෘතියකට වඩා මහජන මුදල් අනිසි ලෙස භාවිත වූ ව්‍යාපෘතියක් බවත්, එහි මෙහෙයුම් කරගෙන යාමට තවමත් කිසිදු ආයෝජකයෙකු කැමැත්ත පළ කර නැති බවත් අගමැතිවරයා වෙනුවෙන් පෙනී  සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා  මහතා කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා ගේ ප්‍රශ්නවලට තවදුරටත් පිළිතුරු  දෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ  ඇමෙරිකා ඩොලර් මිලියන 209 ක වියදමින් ඉදිකළ මත්තල ගුවන්තොටුපළ වෙනුවෙන් රජය ණය ගෙවීම ලෙය රුපියල් බිලියන 2.95ක මුදලක් හා එහි වාර්ෂික මෙහෙයුම් සඳහා රුපියල් බිලියන 2.23 ක් වැය වන  බව 2015 චසරේ විගණකාධිපති වාර්තාවේ  සඳහන් වන බවත්, මෙය ඉදිනොකළේ නම් කටුනායක ගුවන්ගතොටුපළ මීටත් චඩා හොඳින් සංවර්ධනය කළ හැකිව තිබුණු  බවත්ය.

මත්තල ගුවන්තොටේ වී ගබඩා කිරිමේ සිද්ධිය රේඛීය අමාත්‍යාංශ දෙකක් අතර සිදුවූ ගනුදෙනුවක් බවත්, එසේ නොමැතිව මෙහි මෙහෙයුම් වැළැක්වීමට තමා හෝ  රජය කිසිම අවස්ථාවක කටයුතු නොකළ බවත් එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

-තිළිණි ද සිල්වා-