ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැරදීමකින්හෝ රටේ ජනාධිපතිවරයා බවට පත්වුවහොත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට අත්වූ ඉරණමට
මුහුණ දීමට සිදුවනු ඇතැයි එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය.
ගෝඨාභය රාජපකෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු යැයි කිසිම ස්ථානයක පැහැදිලි කර පෙන්වාදී නොමැති බවත්, ඒ සඳහා උවමනා කරන ලේඛන ඉදිරිපත් කර නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතා ඇතැම් නඩු යටගැසීම සඳහා රුපියල් මිලියන 200ක් ලබාගෙන තිබන බව ඒ මහතා ප්‍රකාශ කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජනාධිපති අපේක්‍ෂක
සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රතිපත්ති සම්බන්ධව ප්‍රසිද්ධ විවාදයක් පැවැත්වීමට ගෝෂ්ඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කළද මේ දක්වා ඊට පිළිතුරක් ලබාදී නොමැති බවද හෙතෙම පැවසීය.
කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනූෂ නානායක්කාර මහතා,
"එෆ්.සී.අයි.ඩී. හිටපු ප්‍රධානියා වූ රවී විද්‍යාලංකාර  මාධ්‍ය ඉදිරියට විත් ගෝඨාභය රාජපක්‍ෂ සුද්ධ කර තිබෙනවා.එෆ්.සී.අයි.ඩී. එකට පැමිණිලි ලැබුණේ පැමිණිලි කාර්යාංශයට ලෑබෙන ඒවා ඒ පැමිණිලි ඉක්මන් කරන්න කියන්න ඒ අයට බලයක් තිබෙනවා. මේ අය මේ පැමිණිලි යට ගැහුවා. රවී විද්‍යාලංකාර හිතා මතාම ඕනකමින් පරීක්‍ෂණ හරියාකාරව සිදුකළේ නැහැ. එය සිද්ධ නොකිරීමේ ප්‍රතිඵලය නිසා තමයි අද මිනිස්සු අහන්නේ කෝ හොරු ඇල්ලුවද කියලා. හොරු නෑ කියලා කවුරුවත් කියන්නේ නෑ. හොරු ඇල්ලුවේ නැති එක ගැනයි මිනිස්සු කතා කරන්නේ, රවී විද්‍යාලංකාර වගේ අය එෆ්. සී.අයි.ඩී. එ්කේ හිටපු නිසාත්, අධිකරණ අමාත්‍යවරයා විදියට විජයදාස රාස්පක්‍ෂ හිටපු නිසාත් හොරු අල්ලන්න බැරි වුණ. මේ හොරුන්ගේ කණ්ඩායමේ හොරු ටිකක් සිටි නිසයි නඩු පැවරීම් අඩාළ වුණා. රවී විද්‍යාලංකාරගේ පුද්ගලික ගිණුමට රුපියල් මිලියන 200ක් එෆ්.සී.අයි.ඩී. ප්‍රධානියා බවට පත් වුණාට පස්සේ ලැබුණු බව තොරතුරු වාර්තා වී තිබෙනවා.

එම මුදල් ලැබුණේ කොහොමද? ඒ මුදල් ලැබුණේ 
කාගේ නඩුව නිදහස් කරන්නද? කාගේ නඩුව, කාගේ ෆයිල් ඒක යටගහන්නද කියලා අපී අහනවා. ඒ ගනුදෙනු යටගන්න මුදල් ගත් කෙනෙක් තමයි ගෝඨාභය රාජපක්‍ෂ සුද්ද කර වැඩේ කරන්. මෙවැනි රාජ්‍ය සේවකයන් තමයි හොරු අල්ලන්න තිබුණු එක නැවැත්වුවේ. විජයදාස රාජපක්ෂ තමයි හොරු ආරක්ෂා කළේ.

ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ඔප්පු කරන්න නඩුවක් දැමිමා. ඔහු ද්විත්ව පුරවැසිභාවය ලබාගත් ලිපි ලේඛන අතුරුදන් වී තිබෙනවා. ලිපි ලේඛන නැහැ කියලා නඩුව පැත්තකට දාලා තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ මඟතා වැරදිලාවත් දිනුවොත් ගීතා කුමාරසිංහ මහත්මියට වෙච්චි දේ වෙන්න පුළුචන්. මොහු ලංකාවේ පුරවැසියෙක් නොවන නිසා. ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිමිසා පැවරූ නඩුවේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නීතිඥයන් ඇමරිකාවට ගිහින් කියන්නෙ ලසන්තගේ ඝාතනය රාජ්‍ය ක්‍රියාවක් වන අතර, එහිදී ඔහු විසින් රාජකාරී කටයුතු කර තිබෙන බවයි. එතකොට ගෝඨාභය මහතා රාජකාරි කටයුතු කර තිබෙනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වීම රාජ්‍ය ක්‍රියාවක් වනවා එතකොට ගෝඨාභය මහතාගේ නීතිඥයන් පිළිගන්නවා එදා රාජ්‍ය ත්‍රස්තවාදය විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ බව. මෙික රටේ හමුදාව රට පාවාදීමක් හැටියට සැලකිය හැකියි. එහිදී රාජකාරි කටයුත්තක් සිදුකළා වුවද ඔහු ඇමරිකානු පුරවැසියකු බැවින් ඇමෙරිකානු අධිකරණවලින් ඔහුට රිංගන්න බැහැ. මේක රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකළ දෙයක් බව මෙි අය ඔප්පු කළ නිසා රාජකාරි කටයුත්තකට ලැබෙන විනිර්මුක්තිය තමයි ගෝෂ්ඨාභය මහතාට ලැබුණේ, එහෙම නැතිව ඔහු ඒකෙන් නිදහස් වුණේ නැහැ. ඔහු මේ නඩුවේ චෝදනාවෙන් නිදහස් වුණේ නැහැ. ඔහු කිව්වේ මේක ආණ්ඩු විසින් කළ දෙයක් බවයි. ඒ රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේ, ඔහු තමයි. නඩුවලින් නිදහස් වන්න පුළුවන්, නමුත් හෘද සාකෂියෙන් නිදහස් වෙන්න බැරි බව ජනතාව තේරුම්ගත යුතුයි" යනුවෙන් පවසා සිටියේ.


 අමිත් මධුරංග