හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනපතිවරණයේදී පොහොට්ටුව හැර වෙනත් ලකුණකින් තරඟ
කිරීමට නීතිමය බාධාවක් පවතින බව
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

පැපිලියාන ප්‍රදේශයේදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

“නීතිමය බාධාවක් තිබෙනවා. මෙයා ඇමතිවරයෙක් නෙමෙයි. පාර්ලිමේන්තුවේ ඉඳලා නෑ. ඉතින් පක්ෂයකින් තරඟ කරන්න ඕන. පක්ෂයකින් නාම යෝජනා භාර දී තියෙද්දී තව පක්ෂයකින් නාම යෝජනා දුන්නොත් මෙයා අධිකරණයට යනවා. එතකොට ප්‍රතික්ෂේප වෙනවා.”