ප්‍රතිපත්ති සහ රටේ අනාගතය පිළිබද ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා
සමග ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.

මඩ දේශපාලනයක් වෙනුවට දියුණු රටවල පැවැත්වෙන ආකාරයෙන් තම ප්‍රතිපත්ති සමිබන්ධයෙන් රටේ කතිකාවතක් ගොඩනැගිය යුතු බවත් රටේ ජනාධිපති වෙන්න යන පුද්ගලයාට එවැනි කොන්දක් සහ හැකියාවක් තිබිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. කා‍ෙළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ  ජනාධිපති අපේක්ෂක සජීත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා මහතා මෙසේ ද කීය.

"අපේ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නාමයෝජනා භාරදුන්නා.
එතුමා ගංගාරාම විහාරස්ථානයේ ආගමික කටයුතුවල නිරතවෙලා අනකුත් ආගමික කටයුතුවලත් නිරත වුණා.මේ සැරේ නාමයෝජනා දීපු අපේක්ෂිකයන් අතර පන්සිල් ගන්න : අපේක්ෂකයන් සහ පන්සිල් රකින අපේක්ෂකයන් ඉන්නවා. අනෙක් අපේක්ෂකයන් එක්ක සංසන්දනය කරද්දි අපේ අපේක්ෂකයා පන්සිල් රකින අපේක්ෂකයක්.

 සමහර අය හඩ නගා පන්සිල්  ගත්තට පන්සිල් රකින්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහතා පන්සිල් රකින හොඳ සිංහල බෞද්ධයෙක්, එතුමාගේ වචනයක් දෙකක් අල්ලාගෙන එතුමන්ට පහරදෙනවා. මාධ්‍යවේදින් ඝාතනය කිරීම, සුදු වෑන්වලින් පැහැරගෙන යාම, මාධ්‍ය ආයතන ගිනි තැබීම, හොරකම්, වංචා, දූෂණ සමිබන්ධයෙන් අනෙක් අපේක්ෂකයන්ට  චෝදනා තියෙනවා. මේ වගේ දරුණු චෝදනා එල්ල වෙලා  තියෙන පාර්ශව අද කිසිම චෝදනාවක් සජිත් ප්‍රේමදාස මහතාගේ වචනයක් අල්ලගෙන කෑ ගහන දෙකයි පනහේ මට්ටමකට වැටිලා  තියනවා.  ඉදිරි ජනාධිපතිවරණයට මඩින් නැතුව ගොඩින් එන්න කියලා අපි මේ අයගෙන් ඉල්ලීමක් කරනවා. ප්‍රතිපත්ති ගැනම විවාදයක් තියනවා නම් අපි  ඒ ගැන විවාද කරමු. දැන් දින කිහිපයකට කලින් ජනාධිපති අපේක්ෂකයින්ට විවාදයකට ආරාධනා කළා.

සජිත් ප්‍රේමදාස මහතා ඊට සහභාගී වුණා. නමුත් පොහොට්ටුවේ අපේක්ෂකයා විවාදයක් ළඟින් ගියත් නැහැ.  අපි මේ අවස්ථාවේදිත් පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට මහතාට අපේ අපේක්ෂකයා සමග විවාදයකට ආරාධනා කරනවා. ඕනෑම අවස්ථාවක, ඕනෑම තැනක සියලුම මාධ්‍ය ආයතනවලට ආරාධනා කරලා අපි විවාදයක් කරමු. මේ රටේ ජනාධිපති වෙන්න යන පුද්ගලයාට එහෙම කොන්දක් හැකියාවක් තියෙන්න ඕන.දියුණු රටචල මෙවැනි විවාද දෙක තුනක් යනවා. අපි එවැනි දියුණු ලක්ෂණ අනුගමනය කළ යුතුයි. නමුත්, පොහොට්ටුවේ අපේක්ෂකයා එවැනි අවස්ථා මග අරිමින් සිටිනවා. ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති, වැඩපිළිවෙළ ගැන වාද විවාද කරනවා වෙනුවට වචනයක් දෙකක් අල්ලගෙන කෑ ගහන එක ගැන අපි කනගාටු වෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා අටලෝ දහමින් කමිපා වෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහතාට ඔය මා‍ෙන චෝදනා කළත් එතුමා කරපු තරම් කල් ඔය ආගම දහම ගැන කරපු දේවල් ඔය කයිවාරණ ගහන කවුරුවත් කරලා නැහැ. දළදා වහන්සේගේ සහ මහ නාහිමිවරුන්ගේ ආශිර්වාදයත් ආරමිභ කරන මේ මැතිවරණ වයාපාරය සඳහා රට පුරා ජනරැලි 151ක් අපි සංවිධානය කරනවා.
සජීත් ප්‍රේමදාස මහතා හා ජවයක් සහිත නායකයක්. එතුමාට වයස 52යි. තව අවුරුදු 10ක් කිසි ගැටලුවක් නැතුව වැඩ කරන්න එතුමන්ට පුළුවන්. ඔය මොන අවලාද එල්ල කළත් නොසැලී ඉදිරීයට යන ශක්තිය එතුමන්ට තියෙනවා” යැයි ද. මන්ත්‍රීවරයා පැවැසීය.වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා "සජිත් ප්‍රේමදාස මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමග එතුමන් වටා විශාල ජනතාවක් පක්ෂ පාට බේදයකින් තොරව ඒකරාශි වී තිබෙනවා. ආපු ගමන් රැලි හැදෙනවා කිව්වට අනෙක් අපේක්ෂකයන් මොන රැල්ලක්වත් නැහැ. ඔවුන්ට පොලිතින්,


රතිඤ්ඤා, මත්පැන් රැල්ලක් තියෙනවා. ජනතා අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වටේ ඒකරාශි වී තිබේනවා. මේක දරාගන්න බැරි පිරිස මේ පොදු ජන බලවේගය විදවන්න විෂකුරු ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදි ප්‍රචාර රාශීයක් රැගෙන යනවා. මටසජිත් ප්‍රේමදාස මහතාගේ බෞද්ධ ප්‍රතිරූපයට පහර දෙන්න අද යම් යම් පාරවල් උත්සාහ කරමින් සිටිනවා. ඉතාම දුෂ්ට දේශපාලන අරමුණකින් කරන කුමන්ත්‍රණයක් විදියට අපි මේක හඳුන්වා දෙන්න කැමතියි. ඇතැම් භික්ෂූන් වහන්සන් පවා මේ කුමන්ත්‍රණයට හසුවී තිබෙනවා. තමන්ට ජනතා මතය නැති බව දන්න මේ පිරිස ගමිවල නගරවල පන්සල් වටා ඒකරාශී වී සිටින බෞද්ධ ප්‍රජාව සහ එම පන්සල් වලට නායකත්වය දෙන භික්ෂූන් වහන්සේ නොමග යවමින් පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සහ ඒවට උඩගෙඩි දෙන ජනමාධ්‍ය බෞද්ධයන්ට නොගැළපෙන දුෂ්ට ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙනීයනවා.අපි මේ පොහොටිටුවේ උදවියගෙන් ඉල්ලා සිටිනවාට දේශපාලනය කරනව නම් කරන්න, ප්‍රතිවාදියා විවේචනය කරන්න,


ඒ වෙනුවෙන් ආගම දහම පටලවගන්න එපා කියලා අපි කියනවා.  ඒ වගේම මේ සිංහල බෞද්ධකම ගැන කතා කරන දේශප්‍රේමයේ සාටකය පොරවගෙන පපුවට ගහගන්න සිංහලකම බෞද්ධකම රට වෙනුවෙන් මර හඬ තලන අයගේ දේශපාලන ව්‍යාපාරයේ සැබෑ ස්වරූපය අද රට හමුවේ අනාවරණය වි තිබිනවා.
අරන්තලාවේ භික්ෂූන් වහන්සේ සිය ගණනක් ඝාතනය කරපු කරුණාඅමිමාන් අද කා එක්කද ඉන්නේ කියලා අපි අහනවා. ශ්‍රී දළදා මාළිගාවට බෝමිබ ගහපු පිරිස අද කා එක්කද ඉන්නේ. බෞද්ධකම විනාශ කරපු ඒ බලවේග සාක්කුවේ දාගන පිළිවෙත් අනුගමනය කරන නායකයින්ට අද මඩ ගහනවා.වෛරය වපුරා දේශපාලන වාසි ගන්න එපා කියලා අපි මේ අයගෙන් ඉල්ලා සිටිනවා" යෑයි ද ඔහු පැවැසීය.