'රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප නැවත ලබාදීමට හා රාජ්‍ය ආයතන විකුණා කෑම නතර කිරීමට ඉතිහාසයේ මෙතෙක් නොවූ ලෙස රාජ්‍ය සේවකයෙක් රාජ්‍ය නායකයා කරමු යැයි ජාතික නිදහස් පෙරමුණේ
නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගියේ ජය තහවුරු කිරීම සඳහා කන්තලේ නගරයේදී ඊයේ (28දා) පැවැති ජනරැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ ඒ මහතා,
"පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ලේ තැවරුණු උන්දැලා අද සජිත් මහත්තයාගේ දෙපැත්තෙන් ඉන්නේ. ඒ විතරක් නොවෙයි මුස්ලිම් සහෝදරයෙක් මාධ්‍යට අනාවරණය කළා හකීම්ගේ ගෝලයා අමීර් අලි සහරාන්ලා එක්ක ගිවිසුම් අත්සන් කරලා ගිවිසුම් බෙදා හදා ගන්නවා. මේ නඩය තමයි මේ අන්තවාදය රැක්කේ. 97 වතාවක් බුද්ධි අංශ අනතුරු අඟවද්දී අල්ලන එක නැවැත්තුවා. 16 වැනිදා සිද්ධියෙන් තීරණය කරන්න තියෙන්නේ මෙච්චරයි. නැවතත් එ් අන්තවාදී කල්ලියම ඕනේ නම් ඡන්දය දෙන්න පුතාට, එහෙම නැති රටක් ඕනේ නම් කියලා හිතෙනවා නම්, සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම එකට ඉන්න ඕශන් නම් ඡන්දය දෙන්න හෝඨාභයට. අද රටට ඕනේ රට අංක 01ට තියලා හිතන නායකයෙක්.
නැවත විශ්‍රාම වැටුප රාජ්‍ය සේවකයන්ට ඕනේ නම්, රාජ්‍ය ආයතන විකුණන් කෑම නතර කරන්න ඕනේ නම්, රාජ්‍ය සේවකයෙක් රාජ්‍ය නායකයා කරමු. කවදාවත් කළේ නෑ ඒක. ඒක කරන්න රාජය සේවකයක් වන ගෝඨාභය රාජ රාජ්‍ය නායකයා කරමු" යනුවෙන්ද පවසා සිටියේය.
   -නිදර්ශනී වික්‍රමසිංහ-