ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ගේ ජීවිතවලට අනතුරක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි බුද්ධි අංශවලට සම්බන්ධ අයකු තමා සමඟ පැවසූ බව මව්බිම
වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි.

අද(14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය කැඳවුම්කරු නීතීඥ
මේජර් අජිත් ප්‍රසන්න මෙසේ පැවසීය.

“ගෝඨාභය මහත්තයාගේ ජීවිතය අනතුරේ කිව්වා. මම ඇහුවා ඇයි කියලා. කාන්තාවක් මුහුණු පොතේ සටහනක් දානවා. මව්බිම බේරාගත හැකි ගෝඨාභයට කියලා. එවිට ඇයට දුරකතන ඇමතුමක් එනවා

ගෝඨාභයට කඩේ යන්නේ ඇයි අහනවා. කාන්තාව කියනවා ගෝඨාභය දිනනවා කියලා. ඒ ගෝඨාභය ජීවත් වුණොත් නේ කියලා ඇය කියනවා. ජීවත් වීම සැකසහිත බවයි කියන්නේ. මෑතක් වෙනකම් ඔහු හිටියේ ලංකාවේ

ත්‍රස්තවාදියෙක් හමුවෙන්නේ ඒ අතරතුර. මෙතුමාගේ ජීවිතය අනතුරේ . බුද්ධි අංශ අයෙක් කිව්ව දේ අනුව . ගෝඨාභයගෙයි කරුණාගෙයි ජීවිත අනතුරේ. කරුණා ගෝඨා වෙනුවෙන් වැඩ කරනවා“