මැතිවරණ නීතිරීති හා ස්ථාන මාරු නීතිරීති උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් වෛද්‍යවරුන්ට ස්ථානමාරු ලබාදෙමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. සෞඛ්‍ය
අමාත්‍යවරයාගේ බලපෑම් හමුවේ සෞඛ්‍ය ලේකම් ඇතුළු පිරිස මෙම කටයුතු සිදුකරන බවත්, මෙම නීතිවිරෝධී කටයුතු නවතා දැමීමට කටයුතු නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගවලින් පිළිතුරු ලබාදෙන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
මහරගම අපේක්ෂා රෝහල්
තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරිවරයා ලෙස කටයුතු කළ රෝහල් අධ්‍යක්‍ෂකවරයාද මාරු කර යවා ඇතැයි හෙතෙම පවසා සිටියේය. සිදුකරන නීතිවිරෝධී ක්‍රියාවලියට විරෝධය දක්වා මොනරාගල, විබේගමුව හා රත්නපුර කොළොන්න රෝහල්වල වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙන බචත්, මෙම ක්‍රියාවන් නවතා දැමීමට කටයුතු නොකළහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පෙරේදා (08දා) දින පැවැති මාධ්‍ය සාකචිඡාවකදී ලේකම්වරයා සඳහන් කළේය.වෛද්‍යවරුන්ට ස්ථානමාරු ලබාදීමට ක්‍රමවේදයක් තිබෙන බවත්, එහෙත් මේ වනවිට එම ක්‍රමවේදය උල්ලංඝනය කරමින් හා මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් වෛද්‍යවරුන්ට ස්ථානමාරු ලබාදෙමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

ඉන්දික හේවාවිතාරණ