දිවයින පුරා වෙළෙඳපොළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර හිඟයක් මතුව ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 240 කින් අඩු කිරීමට රජය තීරණය කිරීමෙන් පසු
මෙම ගෑස් සිලින්ඩර හිඟය ඇති වී තිබේ.

ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට පෙර ගෑස් සමාගම් තම ගෑස් සිලින්ඩර තොග විශාල වශයෙන් වෙළෙඳපොළට නිකුත් කර තිබේ. එම නිසා මේ වන විට ගෑස් සිලින්ඩර සැපයුමේ ප්‍රමාදයක් මතුව ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරන්නේ ගෑස් රැගෙන එන නෞකාවක් ප්‍රමාද වීම නිසා ගෑස් හිඟයක් මතුව ඇති බවයි. තවත් සතියක පමණ කාලයක් ගෑස් හිඟය පවතිනු ඇතැයි ගෑස් සමාගම් අනාවරණය කරයි. ගෑස් හිඟය පිළිබඳ පාරිභෝගික ජනතාව පාරිභෝගික කටයුතු අධිකාරියටද පැමිණිලි කර තිබේ.

උදයජීව ඒකනායක