යුද්ධය පැවති සමයේ යුද හමුදාවට අණ දුන්නේ සරත් ෆොන්සේකා මහතා වුවත් යුද, නාවික, ගුවන්, පොලිස් සිවිල් ආරක්ෂක සහ බුද්ධි අංශ සියල්ල කළමනාකරණය කරමින්
යුද්ධය මෙහෙයවූයේ ගෝඨාභය රාජපක්‍ෂ  මහතා බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (16)
හොරණදී පැවසීය.

එල්.ටී.ටී.ඊ ය සමඟ යුද වැදිමේ තීන්දු ගත්තේත්, යුද්ධයට අවශ්‍ය මුදල් සොයාගනිමින්, ජාත්‍යන්තර විරෝධතා කළමනාකරණය කළෙත් ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා බව ද උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය. ඒ නිසා යුද ජයග්‍රහණයේ ගෞරවය හිමිවන්නේ මහින්ද,ගෝඨා සුසංයෝගයට බවද මන්ත්‍රීවරයා කීවේය.  ගම්මන්පිල මහතා පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් හොරණ ප්‍රදේශයේදී පැවැති ජන රැලියක් අමතමිනි.

-නාලක සංජීව දහනායක-