ගාලු කොටු පවුරේ ස්ථාන තුනක් ගිලා බැසීමට ලක්ව තිබේ.
ශ්‍රී සුධර්මාලය විහාරස්ථානය ඉදිරිපිට, ප්‍රදීපාගාරය අසල ස්ථානයක් සහ හමුදා කඳවුර අසල කොටසක් මෙලෙස ගිලා බැසීමට ලක්ව තිබේ.

ශ්‍රී සුධර්මාලය විහාරස්ථානය
ඉදිරිපිට කොටසක ගිලා බැසීම හේතුවෙන් අඩි 10ක පමණ විශ්කම්භයකින් යුතු අඩි 20ක් පමණ ගැඹුරු විවරයක් සෑදී ඇතැයි ද වාර්තා වේ.

මේ වනවිට එම ප්‍රදේශවලට සංචාරකයන් ඇතුළුවීම වලක්වා තිබේ.

මීට ඉහත 2016 වසරේ දී ද මෙවැනිම ආකාරයේ ගිලා බැසීමක් ගාලු කොටු පවුර ආසන්නයේ සිදුවූ අතර එහිදී අඩි 15ක පමණ විශ්කම්භයෙන් යුතු අඩි 20ක පමණ ආගාධයක් ඇති විය. ඊට අමතරව 2004 වසරේ සුනාමි අවස්ථාවේ ද ස්ථාන කිහිපයක ගිලා බැසීම් තත්ව ඇතිව තිබිණි.

1588 වසරේදී පෘතුගීසි විසින් ඉදිකරන ලද ගාලු බලකොටුව 17 වන සියවසයේදී ලන්දේසි විසින් නවීකරණය කරන ලදී.