ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම සාමකාමීව පැවති බව කැෆේ සංවිධානය පවසයි. එම සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා සඳහන් කළේ අද පෙරවරු 7 සිට සවස 4 දක්වා
කාලය තුළ එනම් ඡන්ද විමසීම පැවැති කාලය තුළ සාමකාමී තත්වයක් දක්නට ලැබුණු බවයි.
එමෙන්ම ජනතාව ද උනන්දුවෙන් ඡන්දය භාවිත කළ බව දක්නට ලැබුණු බව ඒ මහතා සඳහන් කළේය.
ඇල්පිටියේ නවදගල පාසැල ඉදිරිපිට සහ අවිත්තාව  ඇල්පිටිය මාර්ගයේ සහ ඉඹුල්පිටිය අඹදූව අදී මාර්ගවල මෙන්ම නගරයෙන් බැහැර  ඇතැම් ප්‍රදේශවල ඉවත් නොකළ පෝස්ටර් දක්නට ලැබුණු බවත්, මීට අමතරව තැන් තැන් වල පක්ෂ ලාංඡන සහිත කුඩා කාඩ්පත් විසිරුවා හරිමින් නීති විරෝධි ප්‍රචාරක කටයුතු වල සිදුවෙමින් පැවැති බවත් නිරීක්ෂණය කළ හැකි අතර එ් සම්බන්ධයෙන්  පොලිසිය ඇතුළු අදාල පාර්ශව දැනුවත් කළ කළ බවද මනාස් මකීන් මහතා සඳහන් කළේය. මෙවර ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයින් 25 දෙනෙකු යෙදවූ බවත් , එම පිරිස ජංගම නිරීක්ෂණ වල නිරත වූ බවත් කැෆේ සංවිධානය පෙන්වා දෙයි.