දෙහිවල පොලිස් වසමේ ගාලු පාර දෙහිවල ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම හේතුවෙන් බහුලව රිය
අනතුරු සිදු වන බැවින්
ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව හා රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ගත් තීරණයක් මත ගුවන් පාලම මතින් යතුරු පැදි ගමන් කිරීම ඔක්තේබර් 10වන දින සිට තහනම් කර ඇත.
තහනම් පුවරු සවි කර තිබුණද කාලයක් තිස්සේ ගුවන් පාලම මතින් යතුරුපැදි කරුවන් ගමන් කිරීමට පුරුදු වී තිබීම හේතුවෙන් මෙම තහනම නැවත මතක් කර දෙන්නට පොලිසිය කටයුතු කර ඇත.
මින් ඉහත මෙම පාලම මතින් බස් රථ හා බර වාහනද තහනම් කළ අතර මේ වනවිට ගමන් කිරීමට අවසර ඇත්තේ කාර් වෑන් හා ත්‍රීවීල් වලට පමණි.
ඉරාකයෙන් ඉවත දමන ලද ලෝහ කොටස් ක්ෂණිකව ගෙන්වා කරන ලද දුර්වල ඉදිකිරීමක් ලෙස මෙම ගුවන් පාලම ගැන විවේචන එල්ල විය. 2014 වසරේ මෙම පාලම ස්ථාපිත කෙරිණි.