ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණය පසුපස 'රොකට් සයන්ස්’ එකක්  නොමැති බවත්, එකමුතුකමත්, ආත්ම විශ්වාසයක් තිබෙන්නේ නම් කණ්ඩායමකට ලොකු ගමනක් යා හැකි බවත් ශ්‍රී ලංකා විස්සයි20

නායක දසුන් ශානක පැවසීය, ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පෙරේදා (09දා) පැවැති තෙවැනි හා අවසන් විස්සයි20 තරගයද ලකුණු 13ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර, ඒ සමග තරග 3-0ක පූර්ණ තරගාවලි ජයක්  ලැබීමටද ඔවුන්ට අවස්ථාව උදාවිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි20 තරග ඉතිහාසයේ ලැබූ 
පළමු පූර්ණ තරගාවලී (තරග 03ක තරගාවලියක්)
ජයග්‍රහණය මෙය වන අතර, පාකිස්තානයද ඔවුන්  අත්වීදි පළමු විස්සයි20 පූර්ණ තරගාවලි පරාජයද මෙය විය.  මෙම ඓතිහාසික ජයග්‍රහණය පිළිබදව තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී  දසුන් ශානක වැඩිදුරටත් පවසා සිටියේ, ලෝක කුසලානය දිනූ ක්‍රීඩාංගණයේදීම ශ්‍රී ලංකාවට නැවත නැගී සිටීමට හැකිවීම මෙරට ක්‍රිකට් අනාගතයට හොඳ ආරමිභයක් කරගන්නා බවයි.  එහිදී තවදුරටත් අදහස් දැක්වූ දසුන්,
" තරගාවලිය දිනන්න හැකිවෙයි කියලා අපිට මේ සංචාරය එද්දීම ලොකු විශ්වාසයක් තිබුණා. වීශේෂයන් ඕක අපි ලෝක කුසලානය දිනපු තණතීරුව. මේ විකට් එකේ අපි හොඳින් ක්‍රීඩා කළා, ඇත්තටම මේ තරගාවලියට එන්න කලින්, නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේදී අපි හොඳ ජයග්‍රහණයක් ලබාගත්තා,  ඉන් ක්‍රීඩකයන් කිහිපදෙනෙක් මේ තරගාවලියට (විස්සයි20) එක්වුණත්, ඒ ලැබුණු උද්යෝගය මේ තරගාවළියේත් තිබුණා. ඒ වගේම ක්‍රීඩකයෝ එකට ක්‍රීඩා කරලා තේරුම් අරගෙන තිබෙනවා එක් එක් අවස්ථාවන්හි මොකක්ද කළ යුත්තේ කියලා. අවශ්‍ය වෙලාවේදී හරි තීරණ ගන්න ඔවුන් පුරුදු වුණා."
යොවුන් කණ්ඩායමක් සමග ක්‍රීඩා කිරීමට සිදුවීම නායකයෙකු ල‍ෙස අභියෝගයක් වූවාදැයි මෙහිදී දසුන්ගෙන් විමසූ අතර, එයට අදහස් දක්වමින් දසුන් මෙසේ පැවසීය.
"ජාත්‍යන්තර තරගවලට එනකොට තිබුණ පීඩනය, ඇගේ තිබෙන  තැතිගැන්ම දැන් අපි ක්‍රීඩයන්ගෙන් දැන් ඈත්වෙලා. ඔවුන්ගේ විශ්වාසය ගොඩක් වැඩියි. නායකයෙක් ලෙස මට ඒක ගොඩක් ලෙහෙසි වුණා. මට කිසිම වෙලාවක පීඩනයක් තිබුණේ නැහැ. මම දැනගෙන හිටියා මේ කණ්ඩායමට කරන්න පුළුවන් දේ. විෂයෙන්ම මේක මම විතරක් ලබාගත් දෙයක් නෙමෙයි. අපේ පුහුණුකාරීත්ව මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේම විස්සයි20 කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස ලසිත් මාලිංගයි ඉන්නේ. එයා ගොඩක් ක්‍රීණ්ඩකයන්ව මෙතෙන්ට ගෙනල්ලා, කණ්ඩායම හදන්න
දායක වුණා.
කණ්ඩායම් ආත්ම විශ්වාසය තමයි මේ ප්‍රතිඵලය ලැබෙන ප්‍රධානම හේතුව. ඒ හැරත්න මේ ජයග්‍රහණය පසුපස ලොකු 'රොකට් සයන්ස් ' එකක් නැහැ. එකමුතුකමයි, විශ්වාසයයි තිබෙනවා නම් අපට සැහෙන ලොකු ගමනක් යන්න පුළුවන්.”
1996 ශ්‍රී ලංකාව එක්දින ලෝක කුසලාන දිනූ ලාර්හෝහී ගඩාෆි ක්‍රීඩාංගණයේදීම ශ්‍රී ලංකාව මෙම ඓතිහාසික ජයග්‍රහණය ලැබුවත්, එම ජයග්‍රහණය කිසිසේත් අතීතය හා සක්සන්දනය කළ නොහැකි බවද ඔහු මෙහිදී පැවසීය. "ලෝක කුසලානය දිනපු එකයි, මේකයි.සන්සන්දනය කරන්න බැහැ. නමුත් ලෝක කුසලානයක් දිනපු ක්‍රීඩාංගණයේම නැවත නැගී සිටීම අපි හොඳ ආරමිභයක් කරගන්නවා. විශේෂයෙන් මේ ජයග්‍රහණය හරහා අපේ ප්‍රේක්‍ෂකයෝ ඉස්සර වගේම අපට ආදරය කරන්න පටන් ගනියි කියලා හිතනවා."අවසන් තරගය ජයගැනීම ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ දසුන්,
"ක්‍රීඩාංගණය ඇතුළේ අපට කතා කරන්න දෙයක් තිබුණේ නැහැ. අපි පන්දු රකින්න එනවිටම තීරණය කරලා ඉවරයි අපි කොහොමද ක්‍රීඩාකරන්නේ කියලා. පුහුණුකරුවන් අපට හොඳ සැලසුම් දුන්නා. ඒ දේවල් අපට තරගය ජයගන්න ගොඩක් පහසු වුණා" යැයි පැවසීය.මෙහිදී දසුන් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු වූ රුමේෂ් රත්නායක මහතායිගන්ද විමසා සිටි තරුණියක් වූයේ ශ්‍රී ලංකාව තුළත් විස්සයි20 ලීග් (franchise) තරගාවලි තිබුණේ නම්, මෙරට ක්‍රීඩකයන්හි දකෂතා තවදුරටත් ඉහළ යෑමට හැකියාව තිබුණේදැයි යනුවෙනි,
මේ පිළිබඳ පළමුව අදහස් දැක්වූ රූමේෂ් රත්නායක මහතා,
"විස්සයි20 (franchise) තරගාවලි තිබුණා නම් හොඳයි. ඒක හොඳම හොඳ දෙයක්. මට
හරියට තේරන් නැහැ ඇයි ලංකාවේ එවැනි තරගාවලියක් නැත්තේ කියලා. අපි 2011දී එකක් කළා, නමුත් ඉන් පසුව වුණේ නැහැ. මේකෙම අපට ඉගෙනගන්න හැකියි. ඉදිරියේදී එහෙම දෙයක් වේවි කියලා මම ප්‍රාර්ථනා කරනවා” යැයි පැවසීය.
මේ පිළිබඳ අදහස් දැක්වූ දසුන් ශානක,  "අනෙක් සෑම රටකම ෆ්‍රැන්වයිස්" තරගාවලි තිබෙනවා. අපේ ක්‍රීඩකයෝ මෙතරම් හොඳට ක්‍රීඩා කරලත් මම හිතන්නේ නැහැ කිහිප දෙනෙක් හැරෙන්න බොහෝ දෙන‍ෙක් ෆ්‍රැන්චයිස් ක්‍රිකට්වලට ගනියි කියලා. ඒ, අපේ ක්‍රීඩකයෝ දක්ෂ නැති නිසා නෙමෙයි, ඔවුන්ට 'ෆ්‍රැන්වයිස්" ක්‍රිකට් ගැන අත්දැකීමක් නැති නිසා.
පාසල් මට්ටමින් ගත්, අනෙක් සෑම රටකටම වඩා දක්ෂ ක්‍රීඩකයන් අප අතර ඉන්නවා. නමුත් අද ලංකාවේ ගහන, ගහපු ගොඩක් දෙනෙක් ඉන්නේ ඔස්ට්‍රෙිලියාවේ, තරුණ ක්‍රීඩකයන්, ජාතික කණ්ඩායමට එන්න කලින් ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න වේදිකාවක් නැහැ මේ තරගාවලියට (පාකිස්තානු) තරුණ කණ්ඩායමක් ආවේ නැතිනම්, ඒ අයගේ මුහුණු මිනිස්සු කවදාවත් දකින්නේ නැහැ. එමනිසා මම හිතනවා ලංකාවේ විස්සයි20 ලීග් (franchise) ක්‍රිකට් හැහුවොත් ඒ අයටත් හොඳ අනාගතයක් තිබ්බෙයි කියලා" යැයි අවසන් වශයෙන් පැවසීය.
                                                                                                                         -විශ්ව මුදියන්සේ-