කොළඹ මහ නගර සභා සීමාවේ වාහනවලින් ගාස්තු අයකිරීමේ දි සිදුවන දඩ මුදල් සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 60,000ක් පමණ ලැබී ඇතැයි නාගරික මන්ත්‍රී සුමිත් පස්සපෙරුම මහතා (ජවිපෙ) පවසයි.

මෙම දඩමුදල් ක්‍රමය ඉතා අසාධාරණ බවට ලද පැමිණිලි මත නගරාධිපනිනිය විසින් ඉකුත් වසරේ මැයි මාසයේදී එය මුළුමනින්ම අහිටුවනු ලැබු නමුත් නැවතත් හදිසියේම එය ක්‍රියාත්මක කර ඇති බවද මන්ත්‍රීවරයා කියයි.

මෙම ස්වයංක්‍රීය ගාස්තු ක්‍රමය 2015 වසරේදී පෞද්ගලික සමාගමකට පවරා ඇතත්,
නගර සභාවට ලැබෙන්නේ සමස්ත ආදායමින් සියයට 48% ක් පමණක් බවද හෙතෙම පැවසීය.

මෝටර් රථයක් සඳහා පැයක කාලයකට රුපියල් 50ක් අයකරන අතර, පැය 1/2 ප්‍රමාද වුවහොත් එය රුපියල් 100ක් වන බවද එම ගාල්කිරීමේ ගාස්තුව දින 56ක් ඇතුළත නොගෙවුවහොන් රුපියල් 25,000ක දඩ මුදලක් ගෙවීමට සිදුවන  බවද ඔහු කිපෙයි.

දැනට කෙරෙන මෙම අසාධාරණ දැඩි මුදල් ක්‍රමය පිළිබඳ මෙන්ම ඉතිරි මුදල් නොලැබීම පිළිබඳවද පැමිණිලි විශාල වශයෙන් ලැබෙන බව කී මන්ත්‍රීවරයා මගෙ ක්‍රියාදාමය තුළ අතීතයට ගනුදෙනු සිදුවන බව ද අනාවරණය කළේය.

ගාලුපාර ඒ අවට අතුරු මාර්ගවල මෙම ස්වයංක්‍රීය ගාල් කිරිමේ ගාස්තු ක්‍රමය 2015 වසරේ සිට ක්‍රියාත්මක වේ.

- ජයන්ත සමරකෝන්