තම සොයුරා වන ගෝඨාභය රාජපක්ෂගේ නම ජනපති අපේක්ෂකත්වයෙන් ගිලිහෙන්නට හේතුවිය හැකි
ලෙස අධිකරණ තීන්දුව
ලැබෙනු ඇතැයි සිතා හිටපු කතානායක චමල් රාජපක්ෂ පසුගිය සිකුරාදා මැතිවරණ කාර්යාලයට ගොස් නාම යෝජනා භාර දීමට කටයුතු කළද එම ගැටලුකාරී තත්වය මේ වනවිට පහව ගොස් ඇති නිසා අද (7) මැතිවරණ කාර්යාලයේදී චමල් රාජපක්ෂ නාම යෝජනා භාර දීමෙන් ඉවත්ව සිටිනු ඇති බවට වාර්තා පළව තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා නාමයෝජනා සදහා අත්සන් කිරීමේ කටයුත්ත ඊයේ (6) මිරිහානේ සිය නිවසේදී සිදු කළ අවස්ථාවටද චමල් රාජපක්ෂ එක්වූ නමුත් ඔහු අත්සන් තැබීමක් සිදු කරේ නැත.