ගෝඨාභයගේ පුරවැසි භාවයට එරෙහි පෙත්සමේ මූලික කරුණු විමසීම අද (4) දහවල් වනවිට අවසන් වූ අතර තීන්දුව සවස 6 ට ලබාදෙනු ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ පුරවැසි භාවයට එරෙහිව ගොණු කළ පෙත්සමේ මූලික කරුණු විමසීම

අද 3 වන දිනටත් ආරම්භ කෙරුණේ අභියාචනාධිකරණ සභාපති, විනිසුරු යසන්ත කෝදාගොඩ, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
මෙම පෙත්සමේ ලිඛිත දේශණ ඉදිරිපත් කිරීම අද පස්වරු 3.15 ට අභියාචනාධිකරණයේදී ආරම්භ වන අතර පසුව සියලු පාර්ශ්ව කරුනු දැක්වීමෙන් අනතුරුව සවස 6 වනවිට එම තීරණය දැනුම් දීමට නියමිතය.