ඇතැම් අපේක්‍ෂකයන් මැතිවරණ වියදම් රුපියල් මිලියන 6,000 ඉක්මවා තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (22දා) පැවසීය.

එම අපේක්ෂකයන්ට තමන්ගේ ලකුණ ප්‍රදර්ශනය ඇතුළු සියලු ප්‍රචාරක කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබාදී තිබියදී මැතිවරණ කොමිෂන් සභාව කැන්වසින්යාම, පෝස්ටර් ප්‍රදර්ශනය හා රැස්වීම් පාලනය කරමින් මුදල් නොමැති අපේක්‍ෂකයන්ට අසාධාරණයක් සිදුකර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

මැතිවරණ කොමිසම පනවන නීති හේතුවෙන් නිදහස් හා සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක නොවන බවත්, කුඩා පක්ෂ සියල්ලට අයුක්තිසහගත අයුරින් එම කොමිසම සලකන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

බත්තරමුල්ලේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා,
"මෙවර මැතිවරණයේ නීතිරීති දාලා තියන් මොකුත් කරන්න බැරි විදියට. උදාහරණයක් විදියට රැස්වීම් පවත්වද්දී ශබිද විකාශන යන්ත්‍ර භාවිත කළ හැකිවන්නේ රැස්වීම් භූමියට ඇසෙන විදියට පමණයි. ශබ්ද විකාශනවල දිසාව හදන්නත් ඕන රැස්වීම් භූමිය ඇතුළට. කුඩා රැස්වීම්වල මෙගාෆෝන් එකක් පාවිච්චිචි කළත් එයට ශබිඳ විකාශන බලපත්‍රයක් අවශයි. කලින් රටේ සාමාන්‍ය නීතියට අනුව ශබ්ද විකාශන බලපත්‍ර අවශ්‍ය වන්නේ බෆල් හෝ හෝන් පාවිච්චි කරද්දි පමණයි. එහෙම නැතිවමෙගාෆෝන් එකෙන් කතා කරද්දි ශබ්ද විකාශන බලපත්‍ර අවශ්‍ය නැහැ. කාර්යාල දැමිය හැකි කටවුට්වල ප්‍රමාණය වර්ග අඩි 30යි. ඒ කියන්නේ අටයි හතරේ කටවුට් එකක්වත් දාන්න බැහැ. ඉස්සරහ හිටවන්න පුළුවන් කොඩි තුනයි. කොඩිවල වර්ග ඵලයත් දාලා තිබෙනවා. එකළොස් දෙනෙකුට වැඩි කණ්ඩායමකට කැන්වසින් යන්න බැහැ. ප්‍රසිද්ධ ස්ථානවල, පොළවල, බස්නැවතුම්පොළවල පත්‍රිකා බෙදීම තහනම් කරමින් ඔතෝමිබර් 14 වැනිදා මැතිවරණ කොමිසම ලිපියක් නිකුත් කර තිබෙනවා.

හැබැයි මාධ්‍යවල දැන්වීම් දාන්න පුළුවන්. ඒකට කිසිම සීමාවක් පනවලා නැහැ. වෙන රටවල මැතිවර අයවැය සීමාවන් පනවනවා. එම රටවල් මැතිවරණ වැය කොපමණද කියලා ජනතාවට හෙළිදරව් කරන්න කියනවා. නමුත් ලංකාවේ එවැනි නීති කිසිවක් නැහැ. සල්ලි තියෙන අයට අසීමාන්තිකව මැතිවරණයට අදාළව දැන්වීම් දාන්න පුළුවන්. රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත්වල
අපේක්‍ෂකයන් දෙනෙක් විතරක් දැන්වීම් පළ කරමින් යනවා, රැස්වීම්වලට බස්නැවතුම් වැනි තැන් දාන්න බැහැ කියනවා. රැස්වීම අහන්න එන්නැති කෙනක්ට ඒක අහන එකෙන් අගතියක් වෙනවා කියලා එම නීතිය පනවා තියෙන්නේ, හැබැයි ටීවී එක ඔන් කරන කොටම මැතිවරණ දැන්වීම් යනවා. ලකුණ ප්‍රදර්ශනය වෙනවා, ඒත් පෝස්ටර් අලවන්න, පත්‍රිකා බෙදන්නෙ දෙන්නේ නෑ, හැබැයි රූපවාහිනී යන්ත්‍රවල සල්ලි තියන අපේක්‍ෂකයන්ගේ ලකුණ නිතරම ප්‍රදර්ශනය වෙනවා. පුවත්පත් පුරා තියන්නේ ඡන්ද ලකුණ තියන දැන්වීමි. ජනතාව සල්ලි දීලා අරන් දැන්වීම් බලන්න ඕන. ඒවාට අදාළව කිසිම සීමාවක් නැහැ. ඊයේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමු වූ අවස්ථාවේදී කිව්වා රාජ මාධ්‍ය පාලනය කරන්න විතරයි ඔහුට බලය තියෙන්නේ කියලා. පෞද්ගලික මාධ්‍ය පාලනය කරන්න බලයක් නැහැ කිව්වා.

ඒහම නම් ඇමෙරිකාවේ වගේ පෞද්ගලික මාධ්‍ය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න ඕන තමන් අපේක්ෂකයෙකුට සහාය දෙනවා කියලා, එහෙම කියන්නේ නැතිව පෞද්ගලික මාධ්‍ය එක පක්ෂයකට, එක අපේක්ෂකයෙකුට වැඩි බරක් යොදමින් යනවා. හැබැයි මැතිවරණ කොමිසමට මැතිවරණ අයවැය පාලනය කරත්නත් බැහැ. මාධ්‍ය පාලනය කරන්නත් බැහැ. මාධ්‍යවල දැන්වීම් යන එක පාලනය කරන්නත් බැහැ" යනුවෙන් පවසා සිටියේය.

අමිත් මධුරංග