එළැඹෙන ජනාධිපතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් 4ක් පමණ පැමිණීමට නියමිත බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා  ඊයේ (14) පැවැසීය.
යුරෝපා සංගමයේ නිරිකෂණ කණ්ඩායමකට, පොදු රාජ්‍ය මණ්ඩලීය කණ්ඩායමකට මෙම මැතිවරණ කොමිෂන් සභාවට ඉතා සමීපතම විදේශීය නිරික්ෂණ කණ්ඩායම වන ෆෙම්බෝසා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ද ජනාධිපතිවරණය නිරික්ෂණ සඳහා එක්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මගින් ආරාධනා කර
ඇති බව එහි සභාපතිවරයා තමන් සමඟ පැවැති සකච්ඡාවකදී සඳහන් කළ බව හෙතෙම පැවැසීය.

ෆෙම්බෝසා මැතිවරණ නිරික්ෂණ කණ්ඩායම දකුණු ආසියාවේ මැතිවරණ කොමිෂන් සභාව
නියෝජිතයන්ගෙන් සැදුම් ලත් එකක් බව ද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂකවරයා පැවැසීය.සිවිල් සංවිධාන නියෝජනය කරන "ඇන්ෆල් ආයතනය” ද මෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණ සඳහා එක්වන අතර ඔවුන් පැෆරල් සංවිධානය හා එක්ව කටයුතු කරනු ඇතැයි ද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මෙම ඇන්ෆල් ආයතනයේ නිරික්ෂකයන් 35 දෙනකු එම කටයුතු සඳහා එක්වන බව කී රෝහණ හෙට්ටිආරච්චි මහතා, ඔවුන්ගෙන් කොටසක් මැතිවරණයට දින 35කව පෙරත්, තවත් පිරිසක් මැතිවරණයට දින 10කට පෙරත්  මෙරටට පැමිණෙනු ඇති බව ද කීව්වේය. මිට අමතරව පැෆරල් සංවිධානය ඇතුළු මෙරට මැතිවරණ නිරිකෂණ කණ්ඩායම් විසින් ද මැතිවරණ නිරික්ෂණයට නිරීකෂකයන් විශාල පිරිසක් රට පුරා යෙදවීමට පියවර ගෙන ඇතැයි ඔහු සඳහන් කළේය.

-ඩයනා උදංගනී-