අද අලුයම් කාලයේදී මහරගම දෙපානම පන්නිපිටිය පුද්ගලික අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිටදී සිදුවූ පහර දීමකින් වයස අවුරුදු 18 ක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ
බොරැල්ල පාර, දෙපානම,
පන්නිපිටිය යන ලිපිනයේ පදිංචි රුසික රුක්ෂාන් නමැති අයෙකි.

 පහරදීමෙන් තුවාල ලැබූ තරුණයා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.ඒ අනුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව තරුණයා මිය ගොස් ඇති බව හෝමාගම රෝහල් පොලිස් මුරපොළ මඟින් මහරගම පොලීසිය වෙත දැනුම් දී ඇත.

ප්‍රේම සබඳතාවයක් මුල් කරගෙන මෙම ගැටුම හටගෙන ඇති බවට පොලිසි සැක පළ කරන අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුලු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තාවේ.

මියගිය තරුණයාගේ මෘත ශරීරය හෝමාගම රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.