අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 127 දෙනකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් වෙබ් අඩවිය ඊයේ (15) වාර්තා කළේය.මෙම සැකකරුවන්ගෙන් වැඩිදෙනකු ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධානියා ලෙස සැලකෙන සහරාන්
හෂිම්ගේ වීඩියෝ දර්ශන නරඹා ත්‍රස්ත සංවිධානයට යොමු වී ඇති බවට තොරතුරු අනාවරණය වි ඇතැයි ඉන්දිය විමර්ශන ඒජන්සියේ ප්‍රධානී අලෝක් මික්ටාල් ප්‍රකාශයක් උපුටා දක්වමින් එම පුවත්පත් වෙබ් අඩවිය සඳහන් කර ඇත.

ඉන්දියාවේ ප්‍රාන්ත 14ක සිදුකළ මෙහයුම්වල දී මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර
අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනාම ශ්‍රී ලංකාවේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරුණු වූ සහරාන් හෂ්මිගේ විඩියෝ දර්ශන නරඹාතමන්ට මෙම ත්‍රස්ත ක්‍රියාවල නිරත වීමට  පෙළඹුණ බව පිළිගෙන ඇතැයිද ඉන්දිය ජාතික  විමර්ශන ඒජන්සියේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු තමිල්නාඩු ප්‍රාන්තයේ වන අතර පුද්ගලයින් 33 ක් එහිදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව උත්තර් ප්‍රදේශයෙන් පුද්ගලයින් 19  දෙනකු, කේරලයෙන් පුද්ගලයින් 17 දෙනෙකු තෙලඟනා ප්‍රදේශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු, මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් පුද්ගලයින් 14 දෙනෙකු සහ කර්නාටකයෙන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද ටයිමිස් ඕෆ් ඉන්දියා පුවත් වෙබ් අඩවි වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

-තිළිණි ද සිල්වා-