අද (5) 10 වන දිනයටත්
දුම්රිය සේවක වැඩවර්ජනය
ක්‍රියාත්මක බව වාර්තාවේ.
බලධාරීන් සමග ඊයේ (04) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු වීම හේතුවෙන් සිය වර්ජනය
තවදුරටත් ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තීය සමිති දන්වා ඇත.
ඒ පිළිබඳ අදහස් දැක්වූ දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මේ බව කියා සිටියේය.

මේ අතර සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් වහාම සේවයට වාර්තා කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට දැනුම්දීමක් කර තිබෙනවා. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් පෙරේදා රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බැවින් සේවයට වාර්තා නොකරන සියලුම සේවකයින්, සේවය හැරගියා සේ සලකන බවටයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දැනුම් දී ඇත්තේ.

වර්ජනයේ නිරත සියලුම් දුම්රිය සේවකයින් වෙත ඒ සම්බන්ධයෙන් ලිපි යොමුකිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසු නමුත් එය සේවකයින් ගණනකට ගෙන නැත. ඊයේ පැමිණ තිබුනේ දුම්රිය රියදුරන් 23 ක් පමණි.