පින්නවල අලි අනාථාගාරය ඇතුළු සත්වෝද්‍යාන පහක සේවකයන්ට ස්ථාන මාරු ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පින්නවල අලි අනාථාගාරයේ සේවකයෝ ඊයේ (18දා) පෙරවරුවේ සිය වර්ජනයක නිරත වූහ.

මේ පිළිබඳ අදහස් දැක්වූ සත්වෝද්‍යාන වෟත්තීය එකමුතුවේ කැඳවුම්කරුවන් එන්.කේ.එස් කරුණාතිස්ස මහතා පැවසීය.

"පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වොද්‍යානය, දෙහිවල සත්වෝද්‍යානය, හම්බන්තොට හා ගෝනපොල යන සත්වෝද්‍යාන පහේ සේවය කරන සේවකයන්ගේ අනතුරු දීමනා රුපියල් 15,000ද සමඟ  රපියල් 1,500ද සමග රුපියල් 6,500 න් පඩි වැඩි කර දෙන ලෙස ඉල්ලා ඉකුත් 06දා පින්නවල අලි අනාථාගාරයේ සේවකයකන් ඇතුළු සෙසු ස්ථාන හතරෙහි 800 ට ආසන්න සේවකය පිරිසක් රාජකාරීවලින් ඉවත්ව විරෝධතාව පළ කළා. එහිදී සත්වොද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය, වනජීවී අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා හා දෙහිවල
පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එදින සවස දෙහිවලසත්වෝධ්‍යානයට ගොස් සේවකයන් හට ප්‍රකාශ කර ඇත්තේ කැබිනට් මණ්ඩලයට සැප්තැම්බර් මස 14 කැබිනට් පත්‍රිකාවක් යොමු කොට සැප්තැම්බර් 20දා වනවිට නිසි පිළිතුරක් ලබා දෙන බව උඝෝෂණයට සහභාගි වූ සේවකයන්ගේ අභ්‍යන්තර මාරු කිරීම් කිසිවක් සිදු නොකර බවයි.

එසේ වුවද තම ඉල්ලීම් පසෙකලා මේ වන විට පින්නවලින් වාගොල්ලට සේවකයෙක්ද වාගොලුන් සේවකයන් හතර දෙනෙක් පින්නවලට ද දෙහිවල හා හම්බන්තොට කාර්යාලවල සේය කරන නිලධාරින් පස්දෙනා බැගින් ඒ ඒ පරිශ්‍රවල සාමාන්‍ය සේවයට යොදවා ඇති බව සඳහන් කරමින් සේවකයන්ට ලිඛිතව ලිපි ලබාදී තිබෙනවා. මේ හේතුවෙත් පින්නවල අලි අනාථාගාරය පිසෙන් 18 රාජකාරිවලින් බැහැරව සිටියා. එසේ වුවද දැඩි අසනීප තත්වයෙන් පසුවෙමින් ප්‍රතිකාර ලබන සමන් නමැති අලියාගේ සියලු ඇප උපස්ථාන සිදු කරනවා. එළඹෙන 20දා වෙනකොට නිසි පිළිතුරක් ලබා නොදුනහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් සිදු කිරීමට බලාපොරොත්තු වනවා." යැයිද පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් අප සත්වොද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රේණුකා බණ්ඩාරණායක මහත්මියගෙන් විමසූ විට ඇය මෙලෙස ප්‍රකාශ කළාය.
" ස්ථාන මාරුවීම් ලබාදෙන්නෑ කියලා කීවා තමයි. නමුත් දැන් ඒ සිද්ධවෙලා තියෙනවා. මේ වෙනකොට මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරමින් පවතිනවා. හැකි ඉක්මනින්ම පිළිතුරක් අධ්‍යක්ෂ ජනරාල්වරිය ලබාදෙයි කියලා මම හිතනවා."

කෑගල්ල - චමින්ද ජයලත්