බාල වයස්කාර පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන ලංගම ඩිපෝ පරික්ෂකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය කියයි.  ලිංගික අපයෝජනයට ලක්වූ බව පැවසෙන අවුරුදු 07ක් පමණ වයසැති පාසල් සිසුවිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා රෝහල්ගත කර ඇතැයි කඩවත පොලිසියේ
නිලධාරියෙක් පැවසීය.

බාල වයස්කාර දැරිය ගෙවත්තේ සෙල්ලම් කරමින් සිටියදී අල්ලපු නිවසේ පදිංචිව සිටින සැකකාර ලංගම ඩිපෝ පරික්‍ෂකවරයා නිරුවත පෙන්වූ බව දැරිය මවට පවසා ඇතැයි පොලිසිය කියයි. එම දැරියගෙන් තවදුරටත් තොරතුරු විමසිමේදී සෙල්ලම් කරමින් සිටි තමාව සැකකරු අවස්ථා දෙකකදී ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කළ බව පවසා ඇති බව කියති.

දැරිය කැටුව මව පෙරේදා කඩවත පොලිසියට පැමිණ මේ ගැන පැමිණිලි කිරිමෙන් පසුව පරීක්‍ෂණ පවත්වා සැකකාර 45 හැවිරිදි ඩිපෝ පරික්‍ෂකවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. කඩවත පොලිසිය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

-ශ්‍රිනත් ප්‍රසන්න ජයසුරිය-