ඉදිරි ජනපතිවරණයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තරග කිරීමේදි එජා
පෙරමුණ ලෙස
මිස එජාපය ලෙස තරග නොකරන අතර එහිදී හංසයා ලකුණින් තරග කිරීමට එකඟතාවක් එක්සත් ජාතික පෙරමුණේ ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
පසුගිය ජනපතිවරණයේදි වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරග කරනු ලැබුවේත් ඊට පෙර පැවැති ජනපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා තරග කරනු ලැබුවේත් හංසයා ලකුණිනි.
හංසයා ලකුණ අයත්ව ඇත්තේ රවී කරුණානායක මහතාට සම්බන්ධ පක්ෂයකින් වන අතර පසුගිය කාලයේ රවි කරුණානායක සිටියේ සජිත්ට එරෙහි මතයකය.
එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇති අතර එය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමේදී අනුමත කර ගැනීමට නියමිතය.