එකම පවුලේ ගැහැනු දරුවන් දෙදෙනෙකුට කුරුඳුවත්ත පොලිස් නිවසක් තුළදී බරපතළ ලෙස අපයෝජනය සිදු කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු මෙම මස 23 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය  නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කරන ලද පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට අනුයුක්ත සේවය කරන කුරුඳුවත්ත පොලිස් නිවාසයක පදිංචී පොලිස් කොස්තාපල්වරයෙකි.

කුරුඳුවත්ත පොලිස් නිවාසවල පදිංචී
පොලිස් මූලස්ථානයේ සේවය කරන පැමිණිලිකාර පොලිස් කොස්තාපල්වරයෙකුගේ බිරිද ගුරුවරියක් වන අතර වයස අවුරුදු 1-5 සීමාවේ පසුවන මෙම කුඩා දැරියන් දෙදෙනා දහවල් කාලයේ බලා ගැනීම සඳහා සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ බිරිඳට භාරදී තිබියදී මෙම අපයෝජනය සිදුව ඇතැයි විමර්ශන වලදී හෙළි වී ඇත.

පසුගිය 01 වැනි දින සිට වයස අවුරුදු පහ හමාරක් පමණ වන වැඩිමහල් දැරියගේ හැසිරීම් රටාව වෙනස් වී ඇති බව ගුරුවරියට හැගී යාම හේතුවෙන් ඒ බව දැරියගෙන් වීමසීමේදී මාස දෙක තුනක කාලයක සිටි සැකකරු සිදුකළ අපයෝජනය සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇතැයි පොලීසිය අධිකරණයට දැන්විය.

ඒ ආකාරයෙන් වයස අවුරුදු එකහමාරක් වයසැති බිලිදියටද සැකකරු අපයෝජනයක් සිදුකර ඇති බව වැඩිමහල් දැරියගෙන් අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

කුරුඳුවත්ත පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වයි.

බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන්