ශ්‍රී ලංකාවේ ප‍්‍රවීණ නර්තන ශිල්පියකු, නර්තන ආචාර්යවරයකු හා බෙර වාදන ශිල්පියකු වන පියසාර
ශිල්පාධිපති
මහතා අද (02) අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වනවිට 75 වන වියෙහි පසුවූ ශිල්පාධිපති මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළේ ය. පියසාර ශිල්පාධිපති මහතා කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කළේය.