පාකිස්ථාන ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු තනතුරට මිස්බා උල්හක් තේරි පත්ව තිබේ.

තේරිම් කමිටු ප‍්‍රධානියා ලෙසද
ඔහු කටයුතු කරන බවයි පාකිස්ථාන ක‍්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ. එරටින් බිහි වූ වඩාත් සාර්ථකම ටෙස්ට් ක‍්‍රිකට් නායකයා ලෙස මිස්බා උල්හක් සැළකෙයි.

පන්දු යවන පුහුණුකරු වකා යුනිස් සමඟ එක්ව කණ්ඩායමේ දක්ෂතා වර්ධනය කිරිමට උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා බව ප‍්‍රධාන පුහුණුකරු සඳහන් කළේය.