ජනවාරි මස පළමුවැනිදා සිට රාජ්‍ය සේවක වැටුප ඉහළ නැංවීමට ‍රජය තීරණය කර ඇත.රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරිම සදහා ඡනාධිපතිවරයා විසින් පත් කරන ලද එස්. රනුග්ගේ  මහතාගේ
ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ
නිර්දේශ මත එම වැටුප් වැඩිවීම ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යංශයේ ඊයේ (25) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය. ඒ අනුව 2020 ජනවාරි පළමුවැනි දා සිට විධායක ශ්‍රේණියේ නිලධාරියකුගේ ආරකභක වැටුප රුපියල් 9587කින් ද, අමාත්‍ය
ලේකම්වරයෙකුගේ අංරම්භක වැටුප 23935කින්ද, පහළම රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 3000කින් ද වැඩි වන බව ඇමැතිවරයා කීය.
කළමනාකරණ සහකාරවරයකුගේ මූලික වැටුප රුපියල් 4320කින් වැඩි වන අතර සංවර්ධන නිලධාරියකුට රුපියල් 5040ක වැටුප් වැඩිවීමක් හිමි වන බව ඔහු පැවසීය.

මේ සියලු පඩි වැඩි කිරිම සිදුකරන්නේ 2015 වසරේ සිට අවස්ථා ගණනාවක දී කළ වැටුප් වැඩිවීමක් ලබා දී තිබෙන බව මංගල සමීරවිර මහතා සඳහන් කළේය. ඉකුත් 2015 වසරේ සිට මේ් දක්වා රාජ්‍ය සේවකයන්ට සියයට 107කින් වැටුප් වැඩිවීමීක් ලබා දී තිබෙන බව ද මංගල සමරවීර මහතා පැවසිය. එම ප්‍රවෘත්ති සාකච්ඡාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරංන් වික්‍රමරත්න, මුදල් ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්තුරු ද සහභාගි වී සිටියහ.