ආලෝක විමෝචන ඩයෝඩ (LED  විදුලි පහන්) අලෙවිය සඳහා නිසි ප්‍රමිතීන් ඉදිරියේදී හඳුන්වාදෙන බව
විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

කාර්යක්ෂමතාවයෙන් ඉහළ විදුලි උපකරණ භාවිත කිරීමට විදුලි පාරිභෝගිකයන් යොමු කිරීම සඳහා විදුලි
උපකරණවලට වෙන වෙනම බලශක්ති කාර්යසාධන ප්‍රමිති හඳුන්වා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන
අතර ඒ යටතේ ඹ්ඡ්ච් විදුලි පහන් සඳහාද නිසි ප්‍රමිතියක් හඳුන්වා දීමට නියමිතය.

ජනාධිපති කාර්ය සාධන බළකාය හරහා ක්‍රියාත්මක වන ඉල්ලුම් පාර්ශ්වීය බලශක්ති කළමනාකරණ
වැඩසටහන යටතේ මේ බලශක්ති කාර්ය සාධන ප්‍රමිතීන් හඳුන්වා දෙන බවද අමාත්‍යාංශයේ මාධ්‍ය
ප්‍රකාශක හා සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේය.

දිවයින පුරා භාවිත කරන ආලෝක විමෝචන ඩයෝඩ විදුලි පහන් (LED ) සඳහා තිබිය යුතු අවම කාර්ය
සාධන ප්‍රමිතීන් හඳුන්වා දෙමින් අලෙවි කරන විදුලි පහන්වල ගුණාත්මක බව වර්ධනය කිරීමට මේ පියවර
ගත් බව ඔහු පැවසුවේය.

ඉදිරියේදී එම ප්‍රමිතීන් හඳුන්වාදීම පිණිස ලේබල් ක්‍රමයක් හඳුන්වා දෙන බවත්, තිබිය යුතු අවම කාර්ය
සාධන ප්‍රමිතීන් හඳුන්වා දීමටත් අදාළ ගැසට් පත්‍රය පළ කිරීමට හා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්
කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවද හෙතෙම කීවේය.

හර්ෂනී අර්සකුලරත්න