ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ අතහැර වෙනත්  ලකුණකින් තරග කරන බව ජනතා විමුක්ති  පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු
පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.
ලාල්කාන්ත මහතා පෙරේදා (15) පැවසීය.

ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේදී සංවිධානය කර තිබූ ජන බලවේගය ජනහමුවක් අමතමින් ලාල්කාන්ත මහතා මේ බව සඳහන් කළේය. මෙම ස්වේඡා සංවිධාන 30ක එකමුතුවෙන් තම සංවිධානය බිහි වී තිබිම නිසා ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ලකුණ සීනුව ඉවත්කොට වෙනත් ලකුණකින් තරගයට පැමිණෙන බව ද ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කවුරුන් බලයට පත්වුණ ද පත්වන ජනාධිපතිවරයා පවතින ආණ්ඩුව විසුරුවා හැරීම සිදුකරන බව ද මාර්තු මාසය පමණ වනවිට අනිවාර්යෙන්ම මහ මැතිවරණයක් රට තුළ පැවැත්වෙන බව ද ඔහු කීය.

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ද  ජනතා විමුක්ති පෙරමුණ තරග කරන්නේ ජාතික ජනබලවේගය නමැති දේශපාලන ව්‍යාපාරයෙන් බව ද හෙතෙම කියා සිටියේය.

-කාංචන කුමාර ආරියදාස-