කටාර් රාජ්‍යයේ සිට අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සමග සෘජු සබඳතා පැවැත්වූ ශ්‍රී ලාංකික ජාලයේ ප‍්‍රධාන සැකකරුවකු එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බව අපරාධ
පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මෙහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට ඊයේ දැනුම් දුන්නේය.

මේ තැනැත්තා සමග රැදී සිටි තවත් ශ්‍රී ලාංකික සැකකරුවකු ද පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දින දෙකකට පසු කටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මාස තුනකට අධික කාලයක් රඳවා තබාගෙන
පරීක්ෂණ කිරිමෙන් පසු මෙරටට පිටුවහල් කරනු ලැබු බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව වැඩිදුරටත් අධිකරණයට දැන්වීය.

මේ වන විටත් කටාර් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන සැකකරු මාතලේ පදිංචිකරුවකු වන මොහොමඩ් අන්වර් මොහොමඩ් ඉන්සාෆ් නමැත්තා බවත් එම සැකකරු සමග අත්අඩංගුවට පත්විමෙන් පසුව කටාර් රාජ්‍යයෙන් පිටුවහල් කෙරුණු අනෙක් සැකකරු වන්නේ මාවනැල්ලේ පදිංචිකරුවකු එන සමද් මොහොමඩ් රියාෂි නැමැත්තා  බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිය බී වාර්තාව මඟින් අධිකරණයට දන්වා තිබිණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව මඟින් අම්පාරේදී අත්අඩංගුවට ගනු ලැබු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රබලයකු බව කියන සහරාන් ෆස්රූල් නමැත්තා වන විට රැදවුම් නියෝග අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යනු ලබන අතර ඔහුගේ සහෝදරිය දැනට කටාර් රාජ්‍යයේ ජිවත් වන බවත් එරටදි අත්අඩංගුවට ගනු ලැබ සිටින මොහොමඩ් අන්වර් මොහමඩ් ඉන්සාෆ් නමැත්තා ඇගේ සැමියා බවත් මොහු කටාර් රාජ්‍යයේ සිටි සහරාන් ෆස්රුල් නැමැත්තා සමග අයි.එස්.අයි.එස්. සංවිධානය සමග ඍජු ලෙස සම්බන්ධ වී කටයුතු කර ඇති බවත් අනාවරණය වී ඇතැයි ද
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට භාවිතා කර තිබේ.

කටාර් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන මොහොමඩ් අන්වර් මොහොමඩ් ඉන්සාෆ් නමැත්තා සහ එරට බලධාරින් විසින් අත්අඩංගුවට ගත් සමද් මොහොමඩ් රියාෂි නමැත්තා ඉකුත් ජුලි මස 16 වැනි දින කටාර් රාජ්‍ය මඟින් මෙරටට පිටුවහල් කරනු ලැබු පසු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු අංශයේ නිලධාරින් ඔහු අත්අඩංගුවට ගෙන මේ වන විට රැඳවුම් නියෝග මත නම් දෙපාර්තමේන්තුව තුළ රදවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබන බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙම සමද් මොහොමඩ් රියාෂි නමැත්තා ත්‍රස්තවාදී කටයුතු සඳහා අයථා ලෙස ආදායම් උපයාගෙන ඇද්ද සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කළ යුතුව ඇති අතර, ඔහුගේ සහ ඔහුගේ පවුලේ ඥාතීන් දෙදෙනකු විසින් මෙරට බැංකු
හා මුල්‍යාතන 19ක පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුම්  විස්තර ලබාගැනිමට අවශ්‍ය වි ඇති බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව එම මුලස්ථානවල මුලස්ථාන මෙහෙයුම් කළමනාකරුවන් වෙන අධිකරණයෙන් නියෝග නිකුත් වුයේ සමද් මොහොමඩ් රියාෂි, මොහොමඩ් නියාස් ෆාතිමා නිෂ්ලා සහ මොහොමඩ් ෆවුස් සිත්ති නිලිරාජා නමැත්තන්ට අයත් අදාළ බැංකුවල ඇති බැංකු ගිණුම් සම්බන්ධයෙන් මෙන්ම, විදේශයන්ගෙන් ලැබි ඇති මුදල්, සුරැකුම්පත්, භාණ්ඩාගාර බිල්පත්, ආරක්ෂිත සේප්පු ආදී සියලු මුල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් සියලු වර්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසටය.


-නිමන්ති රණසිංහ-