රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන තම සැමියා අතුරුදන්ව ඇති බව පවසමින් එම බුද්ධි අංශයේම සේවය කරන
පොලිස් පරීක්ෂකවරියක ඊයේ (06) නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ 43 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකු වන අතර මේවනතුරු කිසිදු හෝඩුවාවක් නැති නිසා ඔහුව
සොයා දෙන්නැයි ඇය ඉල්ලා ඇත.

පසුගිය 04 වැනිදා තම සැමියා තමන් සමඟ රැකියාව කරන රාජ්‍ය බුද්ධි අංශය වෙත ගිය නමුත් එදින රාජකාරී කර නිවසට තමා පැමිණියද සැමියා පැමිණියේ නැති බවත් පසුගිය 05 වනදා තම පුතාට දුරකතන ඇමැතුමක් ලබා දී තිබූ සැමියා නිවසට පැමිණීමට ප්‍රමාද වන බව පමණක් පවසා ඇති නමුත් ඉන්පසු ආරංචියක් නැති බවත් පැමිණිල්ලේ දැක්වේ.
සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය විමර්ශන සිදුකරයි