ජනාධිපතිවරණයේ දී මුහුණුපොත හරහා මැතිවරණ නීති රීති කඩකිරීම් නියාමනය කිරීමට ෆේස්බුක් ආයතනය පියවර ගැනීමට යයි.  ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ දේශපාලන පක්ෂවලට දේශපාලනඥයින්ට
මඩගැසීම්, වෛරි ප්‍රකාශ
නිකුත් කිරිම් හා මුදල් ලබා ගනිමින් මුහුණුපොත විවිධ තොරතුරු පළකිරීම ආදිය සම්බන්ධයෙන් අවශ්‍ය නියාමන කටයුතු කිරිමට එම ආයතනය පියවර ගැනීමට නියමිතය.

මැතිවරණ කොමිසම මගින් ස්ථාපිත කරන මැතිවරණ පැමිණිලි බාර ගැනීමේ ඒකකයට මුහුණු පොතට එරෙහිව ලැබෙන පැමිණිලි ෆෙස් බුක් ආයතනයට යොමුකිරිමටත්, ඉන්පසුව එම ආයතනයේ විශේෂ කමිටුවක් මගින් නියාමන කටයුතු සිදු කෙරෙයි. මේ අතර ෆේස් බුක් ආයතයනයේ නිලධාරීන් පිරිසක් ඉකුත් දිනවල මෙරට මාධ්‍යවේදීන් ෆේස්බුක් ක්‍රියාකාරකයින් හා ස්වේඡා සේවකයින් ඇතුළු පිරිසකට රාජගිරිය මැතිවරණ
කොමිසමේ ශ්‍රවණාගාරයේ දී වැඩමුළු කීපයක්ද පවත්වා තිබේ.  එහිදී එම නියාමන කටයුතු සිදු කරන ආකාරය ගැන දිර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.


-රංජන් කස්තුරි-