කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සබීතා පෙරෙරේ මහත්මියගේ සැමියාට අයත් ඩී. පී. ජේ. ගොඩනැගිල්ල ලබාගැනීමට  ගිවිසුම් අත්සන් කිරීම සඳහා රුපියල් බිලියන 1 යි ලක්‍ෂ 330 ක මුදලක් වැයවී ඇති බව අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.
ජනාධිපති පර්යේෂණ කොමිෂන් සභාව ඉකුත් 06 වැනිදා දිනයේදී එම කොමිෂන් සභාවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු උපාලි අබේරත්න මහතා ප‍්‍රධාන පංච පුද්ගල විනිසුරු ම`ඩුල්ල හමුවේ  රැස්වූ අතර, එහිදී කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ඞී. පී. ජේ. ගොඩනැගිල්ල ලබා ගැනීමේදී අක‍්‍රමිකතා සිදුවී ඇති බවට ඉදිරිපත් වූ පැමිණිල්ල පිළිබඳ විභාගය වැඩිදුරටත් සිදුවිය.

එහිදී තවදුරටත් සාක්‍ෂි ලබාදෙමින් අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා ප‍්‍රකාශ කර සිටියේ එම ගොඩනැගිල්ල ලබා ගැනීමට ගිවිසුම් අත්සන් කිරීමට ගිය එම මුදලට අමතරව ගොඩනැ`ගිල්ල සඳහා භාණ්ඩ මිලදී ගැනීම
සඳහාත් මිලියන 466 ක් වැයවී ඇති බවයි.

කොමිසම හමුවේ තවදුරටත් සාක්‍ෂි ලබාදුන් ඒ මහතා මෙසේද පැවසීය. කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොවිජන මන්දිරය ලබාගන්නේ පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කාරක සභා 17 ක් පිහිටුවීම සඳහා ඉඩකඩ ලබා ගැනීම සඳහායි. කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටුවීම සඳහා ලබාගත් ඞී. පී. ජේ. ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා නීත්‍යනුකූල ගොඩනැගිලි සැලැස්මක් හෝ එම ඉඩම සඳහා නඩුවක් පවතින බව මං දැනගෙන සිටියේ නෑ. කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටුවීම සඳහා කලින් යෝජනා වී තිබූ සුහුරුපාය නව ගොඩනැ`ගිල්ලේ හිස්ව තිබූ 14 - 18 මහල් ලබාගත්තා නම් ඞී. පී. ජේ. ගොඩනැ`ගිල්ල සඳහා වැය වූ බිලියන ගණනක මුදල ඉතිරි කර ගැනීමට තිබුණා. මෙම ගොඩනැ`ගිල්ලේ තත්ත්වය නිසි ලෙස පරීක්‍ෂා කර බලා මෙය නුසුදුසු
ගොඩනැගිල්ලක් නම් එය ආපසු අමාත්‍ය මණ්ඩලයට වාර්තා කළ යුතුව තිබූ බව පැවසූ ඒ මහතා තවදුරටත් සඳහන් කර සිටියේ ඒ පිළිබඳ සම්පූර්ණ වගකීම අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පැවරෙන බවයි.

එරික් ගාමිණී ජිනප‍්‍රිය