ජනාධිපතිවරණයට ස්වාධීනව තරග කළ හැක්කේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකුට හෝ දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකුට හෝ පමණකැයි මැතිවරණ කොමිෂන් සභාවේ
ප්‍රකාශකයෙක් පැවසිය..ඒ අනුව
කිසියම් පුද්ගලයකු ජනාධිපතිවරණයට ස්වාධීනව තරග කරන්නේ නම් ඔහු
කිසියම් කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ බව සහතික කරමින් පාර්ලිමේනතුවේ මහලේකම්වරයාගේ ලිපියක් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව ද ඔහු කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව නොසිටි කිසිදු පුද්ගලයකුට ජනාධිපතිවරණයට ස්වාධීනව තරග කළ නොහැකි බව ද හෙතෙම පැවසීය. එහෙත් පිළිගත් දේශපාලන පක්‍ෂයකින් ඉදිරිපත් වන  අපේක්‍ෂකයකුට එම නීතිය බලනොපාන බව ද හෙතෙම පැවසීය. 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ විධිවිධාන අනුව ස්වාධීන අපේක්‍ෂකයින්ට මෙම නීතිය වලංගුවේ.

-රංජන් කස්තුරි-