බිරියට පහරදී තුන් හැවිරිදි දැරියගේ යට ඇඳුම් බිරියට අන්දවා නිවස ඉදිරිපිට මාර්ගයේ අඩනිරුවතින් යවා ගණිකා සේවයේ යොදවා මුදල් ඉපයීමට උත්සහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම
පොලිසිය කියයි. පිහියක් අමෝරා ගත් පුද්ගලයකු බණ්ඩාරගම, කොතලාවල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිට අඩ නිරුවතින් සිටින කාන්තාවකට බැන වදින බවට ත්‍රිරෝද රථ රියදුරෙකු ගැලනිගම ප්‍රදේශයේ ස්ථාපිත කර තිබු මාර්ග බාධකයේ සිටි නිලධාරීන්ට කළ දැනුම්දීමක් අනුව ජංගම සංචාරක රථයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය කියයි.

විවාහ දෙකක් කර ගෙන තිබූ මෙම සැකකරුගෙන්
ලද මගහැරුණු ඇමතුමක් අනුව නිකවැරටිය පදිංචි කාන්තාව මීට වසර පහකට පමණ පෙර දී මොහු හඳුනාගෙන මෙම නිවසේ පදිංචියට පැමිණ තිබූ බවට මූලික පරීක්ෂණවලදී හෙළිවූ බව පොලිසිය කියයි.

ගෙවුණු වසර පහ තුළ දී සැකකරුට දාව වසර තුනක දියණියක් හා වසරක පමණ පුතකු ඇයට ලැබී ඇති අතර සැකකරු මත්පැන් පානයකර පැමිණ පහරදීම් සිදුකර තිබු බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.ඒ සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියට ලද පැමිණිලි අනුව අවස්ථා කිහිපයකදීම දෙදෙනා සමගිකෙරූ බව පොලිසිය කියයි.

දින කිහිපයක් සමගියෙන් සිටියද මත්පැන් පානය කර පෑමිණ යළි සපුරුදු ලෙස හැසිරීම සැකකරු සිදුකර තිබු බව පොලසිය කියයි.  මෙම සැකකරු අවස්ථා කිහිපයකදීම ඔහුගේ බිරිඳගේ යට ඇඳුම් හා අනෙකුත් ඇඳුම් ඇඳ කාන්තා වෙස්ගෙන මාර්ගය අසල රැදී සිටීම පුරුද්දක් කරගෙන තිබු බව පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය කියයි.

එම පුරුද්ද අත්හල සැකකරු මෑත කාලයක සිට ඔහුගේ බිරිදට පහරදී තුන් හැවිරිදි දැරියගේ යට ඇඳුම් ඇඳගන්නා ලෙස බලකර නිවස ඉදිරිපිට මාර්ගය අසල අඩ නිරුතින් තබා ගනිකා සේවය සඳහා යොදවා මත්පැන්වලට මුදල් සොයාදෙන ලෙස තර්ජනය කර තිබු බව පරික්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිස් නිලධාරිනියක් පෑවසුවාය. 38 හැවිරිදි වියේ පසුවන සැකකරු විදුලි කාර්මිකයකු බව පොලිසිය කියයි.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-