පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියකු ඉකුත් වසර පහේදී (2014-2010) 39 වතාවක් විදේශ සංචාරවල නිරතව ඇතැයි එහි අභ්‍යන්තර වාර්තාවක සඳහන් වෙයි. මෙම වාර්තාවේ දැක්වෙන අන්දමට
එම නිලධාරියාගේ මෙම සංචාර වෙනුවෙන් රජයෙන් වැයකර ඇති මුදල රුපියල් දෙකෝටි තිස්ලක්‍ෂයක් පමණ වෙයි.

ගුවන් ප්‍රවේශ පත්‍ර වෙනුවෙන්
වැය කර ඇති රුපියල් හැටහත්ලක්‍ෂ තිස්හයදහස් හත්සියයක මුදලක් (6,736, 700) හා ගමන් වියදම් දීමනා වශයෙන් ලබාගෙන ඇති රුපියල් එක්කෝටි හැටදෙලක්ෂයක |පමණ මුදලක් මෙයට ඇතුළත්ය.

මෙම නිලධාරියා 2014 වර්ෂයේ දී හත්වතක් ද 2015 වර්ෂයේ දී පස් වතාවක් ද 2016 වර්ෂයේ දී හත් වතාවක් ද 2017 වර්ෂයේදී අට වතාවක් ද 2018 වර්ෂයේදී දස වතාවක් හා මේ වසරේ මේ දක්වා දෙවතාවක් ද වශයෙන් විදේශ සංචාරවල නිරතව ඇතැයි පෙන්වා දෙන එම අභ්‍යන්තර චාරිකාව ඇමරිකාව, කැනඩාව, එංගලන්තය, ජර්මනිය, නවසීලන්තය, නෝවේ ස්විට්ස්ර්ලන්තය යනාදී රටවලට මෙසේ සංචාරය කර තිබෙන බව ද සඳහන් කරයි. මෙම විදේශීය වැඩමුළු හා සම්මන්ත්‍රණවලට සහභාගි වීම සඳහා මොහු මෙම විදේශ සංචාරවල යෙදී ඇතැයි වාර්තා වේ.

-සුජිත් හේවාජුලියගේ-