කලුවාමෝදර ප්‍රදේශයේ නිවෙසක් පරික්ෂා කිරීමේදී එහි සඟවා තිබී පොලිස් හාරයට ගත් අධි බලැති යතුරුපැදි දෙකක් සමිබන්ධයෙන් පරීක්‍ෂණ පවත්න බව අලුත්ගම පොලිසිය කියයි.

යතුරුපැදි දෙක සමඟ
අත්අඩංගුවට ගත් 48 හැවිරිදි ව්‍යාපාරික හිමිකරුගේ ප්‍රකාශ අනුව එහි වටිනාකම රුපියල් ලක්ෂ 12කට අධික බැව් පරීක්ෂණ පවත්න නිලධාරීයෙක් පැවැසීය.

අධිබලැති යතුරුපැදි දෙක මෙරට ලියාපදිංචි කළ නොහැකි බවත් ඒවා ජපානයේ නිෂ්පාදිත 1000 සීසී කාණ්ඩයට අයත් බවත් පොලිසිය කියයි.

යතුරුපැදි දෙක ලද ආකාරය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වන බව පොලිසිය කියයි. සැකකරු නඩු භාණ්ඩ සමඟින් කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, පොලිස් අධිකාරී උපුල් ආරියරත්න, සහකාර,පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොළිස් පරික්ෂක උපුල් ප්‍රියලාල් මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ ස්ථානාධිපති චමින්ද ප්‍රසාද් මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණ පැවැත්වේ.