"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකළහොත් ස්වාධින කෙනකු ඉදිරිපත් වෙන්න පුළුවන්.” යැයි කළුතර  දිස්ත්‍රික් එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා  ඊයේ (14) පැවැසීය.
මෛත්‍රීපාල සිරිසේන මහතා
ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය  දෙන බව ද ඔහු කීය. කුමාර වෙල්ගම මහතා මෙසේ ද පැවැසීය.

"පක්ෂය මේ වෙලාවේ නිවැරැදි තීරණය ගන්න ඕන. නිවැරැදි තීරණය නොගතොත් මට එතැන ඉන්න බැහැ. පක්ෂයේ එක එක අය කියන එක එක කතා මට වැඩක් නැහැ. මම ඉන්නේ නිවැරැදි තීරණය එක්කයි. පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා වන  තීරණයක් නොගත්තොත් මගේ සහාය නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යූ.එන්.පී.ය එක්ක එකතු වෙන්න  බැහැ. ඒ වගේම ගෝඨා එක්ක එකතු වෙනවටත් මම කැමැති නැහැ. ඒක තමයි මගේ ස්ථාවරය.”

-සුජිත් හේවාජුලිගේ-