රිය පැදවීමේදී හැන්ඩ්ස් ෆ්‍රී හා බ්ලූටූත් භාවිතයෙන් ජංගම දුරකථන උපාංග භාවිතා කිරීම වරදක් ලෙස නම් කිරීමට බ්‍රිතන්‍ය රජය මේ දිනවල කටයුතු සූදානම් කරමින් පවතී.
මේ සඳහා එරට පාලක පක්ෂයේ  මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් මේ දිනවල
කරුණු ගොනුකරමින් සිටින අතර ඔවුන් තර්ක කරන්නේ එය පෙර නීති ලිහිල්ව පැවති කාලයේ අතේ තබාගෙන දුරකථන ඇමතුම් ලබාගනිමින් රිය පැදවීමටත් වඩා භයානක බවයි.
හැන්ඩ්ස්ෆ්‍රී ක්‍රමයෙන් රිය පැදවීම ආරක්ෂිත වන බවට ලබාදී ඇති අදහස මහජනයා නොමඟ යවන බවත් මේ ගැන නීති සැකසීමට පෙර මේ පිළිබඳව මහජන අදහස් විමසීමක්

කරන බවත් රජයේ ප්‍රවාහන තේරීම් කමිටුව දන්වා ඇත.

2017 දී බ්‍රිතාන්‍යයේ මාර්ගවල අනතුරු 773 ක් සිදුවී ඇත - මරණ 43 ක් සහ බරපතල තුවාල 135 ක් ඒ අතර විය.
 ජංගම දුරකථන භාවිතා කළ රියදුරන් ගණනාවක්ම එම අනතුරුවලට වගකිව යුතුව ඇත.
2011 සිට මෙවැනි අනතුරු වලින් මියගිය හෝ බරපතල තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති නමුත් දුරකථන භාවිතය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ වේගය පහත වැටී ඇති බව කමිටුව පවසයි.

2017 මාර්තු මාසයේ සිට, අතේ තබාගෙන දුරකථනයක් භාවිතයෙන් රියපදවන අය හසු වූ විට මෝටර් රථ හිමියන්ට ඔවුන්ගේ බලපත්‍රයේ ලකුණු 6 ක් සහ පවුම් 200 ක දඩයක් ගෙවීමට සිදුවී ඇත

කමිටුවේ මුලසුන දරන කම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලිලියන් ග්‍රීන්වුඩ් මෙසේ පැවසීය: ‘තමන්ට මෙන්ම මගීන්ටත් මාර්ග භාවිතා කරන්නන්ටත් විනාශකාරී ප්‍රතිවිපාක ඇතිවීමේ සැබෑ අවදානම තිබියදීත්, බොහෝ රියදුරන්  ජංගම දුරකථන භාවිතා කරමින් නීතිය කඩ කරති. රිය පැදවීමේදී ජංගම දුරකථන භාවිතය බීමතින් රිය පැදවීම තරම් බරපතල ප්‍රතිවිපාක ඇති බව දැනගත යුතුය.'

මෙම කමිටුවේ නිර්දේශ මත හැන්ඩ්ස් ෆ්‍රී හා බ්ලූටූත් භාවිතයෙන් වාහනවල සිට දුරකථන ඇමතුම් ලබාගැනීමට ඉදිරියේදී සීමාකම් පැනවීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කරනු ඇත.