මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන අතරදී ඊයේ (28දී) උදෑසන සිදු වූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් සේවකයන් හතරදෙනෙකුගේ වැඩතහනම් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දකුණු කළුතර බලා ධාවනය වූ අංක 741 දරන දුම්රිය රියදුරු , රියදුරු සහයක,ප්‍රධාන නියාමක හා උප නියාමක යන සේවකයන්ගේ වැඩ තහනම් කර තිබේ.

කොළඹ කොටුවේ සිට හලාවත බලා ධාවනය වූ දුම්රියක් සහ මරදාන සිට දකුණු කළුතර බලා ධාවනය වූ අංක 741 දුම්රිය
මරදාන කෝවිල ආසන්නයේදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුර හේතුවෙන් දුමිරිය ගමනාගමනට බාධා එල්ල වූ අතර, කිසිවකුට ඉන් තුවාල සිදු වී නැතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

දකුණු කළුතර බලා. ධාවනය වූ දුමිරියේ රියදුරු සංඥා නොතකා ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සිදුකළ සොයා බැලීමකදී අනාවරණය වී තිබේ.

මෙම අනතුර සමිබන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

අමිත් මධුරංග