මේ දිනවල ටෙස්ට් සහ විස්සයි-20 තරග සංචාරයක් සඳහා සහභාගි වී සිටින නවසීලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකාවේදී මුහුණදීමට සිදුවී ඇති විශාලම අභියෝගය වී  ඇත්තේ දැඩි උණුසුම් බව නවසීලන්ත වේගපන්දු
යවන්නකු වන නීල් වැග්නර් පවසා ඇත.
නවසීලන්ත මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කර ඇති වැග්නර් ශ්‍රී ලංකාවේ පවතින දැඩි උණුසුම නිසා විශාල වශයෙන් දහඩිය හමනවා.

සත්‍ය ලෙසින්ම පවසනචා නම් එය ඇඳුම් ඇඳගෙන පිහිනුම් තටාකයක බැස ඉන්නවා වගේ හැගීමක් ඇති කරනවා. දැඩි උණුසුමක් පවතිනවා වගේම වාතයේ ආර්ද්‍රතාව වැඩි නිසා විශාල වශයෙන් සිරුරෙන් දහඩිය පිටවෙනවා. පැහැදිලිවම කියනවා නම් මෙහිදී දහඩිය දැමීම වළක්වාගැනීමේ කිසිම හැකියාවක් නැහැ.
එම නිසා අපට සෑම විටම පානය කිරීම සඳහා දියර වර්ගයක් ළඟ තබා ගැනීමට සිදුවී තිබෙනවා. මම සිතන පරිදි ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේදී දැඩි උණුසුම අපට විශාල අභියෝගයක් වේවි.” යනුවෙන් පවසා ඇත.

එහිදී චන්දුරටත් අදහස් දක්වා ඇති වැග්නර් "අප මෙම දේශගුණ තත්වයන්ට හුරු වෙන්න උත්සාහ දරනවා. ටෙස්ට් තරගවලදී දිර්ඝ වේලාවක් පන්දු යවන අවස්ථාවන්වලදී ගැටලු ඇතිවෙන්න පුළුවන්. එස නිසා පෝෂණය සම්බන්ධවත් විශේෂ අවධානයක් යොමු කරන්නට සිදුවෙවි. නමුත් එය හොඳ අත්දැකීමක් වේවි" යනුවෙන් ප්‍රකාශ කර ඇත.