ගිනිගත්හේන පොලිස් වසමට අයත් පිටවල ප්‍රදේශයේදී හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා කඩාවැටීමත් සමග අධි බලැති විදුලි රැහැන් පද්ධතියක්ද මාර්ගය හරහා අද (08 )අළුයම තුනට පමණ කඩා
වැටිම නිසා එම මාර්ගය අවහිර විය.
 මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට ඊයේ (07) දා  රාත්‍රියේ සිට පැවති සුළග හා වැසි සහිත කාලගුණය මීට හේතු වී තිබේ.
 පැය තුනක පමණ කාලයක් මෙසේ මාර්ගය අවහිර වී තිබු අතර
එම කාලය තුලදී හැටන්  සිට නෝර්ටන් බ්‍රිජ් .ලක්ෂපාන හරහා කළුගල මංසන්ධියට යාවන මාර්ගය භාවිතා කිරිමට පොදු ප්‍රවාහන හා පුද්ගලික ගමන් ගන්නා පිරිසට සිදුවිය.
 පසුව ගිනිගත්හේන පොලිසිය හා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින්ගේ සහයෝගයෙන් එක් මං තීරුවක් රිය ධාවනය සදහා විවෘත්ත කර දීමට පියවර ගන්නා ලදී.
 විදුලිය රැහැන්වලට හානි සිදුවී නිසා ප්‍රදේශයේ විදුලිය ඇණ හිට ඇති අතර තව දුරටත් වර්ෂාව ඇද හැලෙමින් පවති.
(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)