මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කොළඹ පිහිටි නිවසේදී  අද (28) රාත්‍රීයේ විශේෂ භෝජන සංග්‍රහයක් සංවිධානය කර ඇති බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.

මෙවර ජනපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස පත්කිරීම වෙනුවෙන් ප්‍රවර්ධන කටයුතු සිදු කරන මංගල සමරවීර මෙම සාදය පැවැත්වීමෙන් අපේක්ෂා කරන්නේ පක්ෂයේ සියලු වාද භේද ඉවත් කර සජිත් වෙනුවෙන් එකමතයකට ගැනීමටය.
සාදය සදහා අගමැති රනිල් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී 70දෙනාම සහභාගි වීමට නියමිත බවට තොරතුරු වාර්තාවේ.එජාප ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබදව තීරණාත්මක  කථාබස් යන අතරවාරයේ මෙම සාමූහික ක්‍රියාකාරකම මගින් පක්ෂ අභ්‍යන්තරය ශක්තිමත් කිරීමට මංගල ඇමතිවරයා අපේක්ෂා කරයි.