ප්‍රවීණ නළු ජයලත් මනෝරත්න මේ වනවිට රෝගාතුරව රෝහල්ගතවී ප්‍රතිකාර ලබන්නේය.
ඔහු වෙනුවෙන් ඔහුට
සුවය පතා පින්කම් සිදු කිරීමට කලාකරුවන් උත්සාහ දරා තිබේ. පසුගිය 18 වනදා සවස අනුරාධපුරයේ රුවන් මැලි සෑ මළුවේදීද මේ සම්බන්ධයෙන් පින්කමක් සිදුවිය.
රෝගාතුරවූ මනෝරත්නයන් මේ වනවිට 71 වන වියේ පසුවේ. ඔහු වේදිකාව සිනමාව ටෙලි ක්ෂෙත්‍ර ත්‍රිත්වයේම මතකයේ රැඳෙන රංගනයන්හි නිරතවූ නළුවෙකු හා නිර්මාණකරුවෙකු වන්නේය.
ඔහුට ඉක්මන් සුවය පතමු.