ඉන්දියාව විසින් පසුගියදා අභ්‍යවකාශ ගතකළ චන්ද්‍රයාන් 2 යානය ඊයේ (20) පෙරවරුවේ සඳට ළඟාවී
කක්ෂගතවීම සිදුකර ඇත.
එය සඳ වටා කක්ෂගත වූ බවත් සඳ ස්පර්ශ කිරීම  සැප්තැම්බර් මස 07වන දින සිදු කරන බවත් වාර්තා වේ.
පසුගිය ජූලි 22 දා ඉන්දියාවේ ශිරාකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අඩුගුවනට යැවුණ මෙම යානය කිලෝමීටර් 384000ක සාර්ථක ගමනකින් පසු චන්ද්‍රයා වෙත මෙම ඉලක්කය සපුරාගෙන ඇත.
චන්ද්‍රයාගේ දකුණු ධ්‍රැවය වෙත යානය ගොඩබස්වන්නට සැලසුම් කර ඇති අතර එම ප්‍රදේශයට අභ්‍යවකාශ යානයක් ගොඩබස්වන ප්‍රථම අවස්ථාව මෙයයි.
චන්ද්‍ර පෘෂ්ඨය මත පවතින ජලය සහ ඛණිජ ලවණ සම්බන්ධව ද භූ කම්පන සම්බන්ධව ද චන්ද්‍රයාන් 2 පර්යේෂණ සිදුකරනු ඇති බව විද්‍යාඥයෝ පවසති.