පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ගෝඨාභය රාජපක්ෂ මහතා නම් නොකරන බව පවසා සිය යතුරුපැදිය ඔට්ටු ඇල්ලු පුද්ගලයෙක් යතුරුපැදිය අහිමි නොකරගෙන ඒ සඳහා ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්ථාන තුනක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සුබපැතුම් පුවරු සව් කරදීමට අනෙක් ඔට්ටුකරුගේ එකඟතාව ඉල්ලූ පුවතක් වඳුරඹ ඌරල ප්‍රදේශයෙන් වාර්තා වේ.

නාගොඩ ප්‍රාදේශීය සභාවේ සේවය කරන සුළු සේවකයන් දෙදෙනකු පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස ගෝෂ්ඨාභය රාප්පක්‍ෂ මතාගේ නම යෝජනා නොකරන බවට එක් සේවකයකු පවසා තිබේ. අනෙක් සුළු සේවකයා පවසා ඇත් ගෝඨාභය රාජපකෂ මහතා නියත වශයෙන් නම් කරන බවයි.

ඒ අනුව දෙදෙනා පැමිණි එකඟත්වයට අනුව එක් සේවකයෙකු  එක්ලක්‍ෂ පනස්දහසක මුදලක් ඔට්ටු අල්ලා ඇත. අනෙක් සේවකයා සන්තකයේ මුදල් නැති නිසා ඔහු නීතිඥයකුගේ ඉදිරියේ තම යතුරුපැදිය ඔටු අල්ලා ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේකෂකයා මෙලෙස ගෝඨාභය රාජපක්ෂ  මහතා නමි කිරීමත් සමඟ එක් සේවකයකු ඔට්ටුවෙන් පැරදී ඇත.

ඔටුවෙන් පැරැදුණු සේවකයා ගිවිසගත් පරිදි ඔට්ටුව බේරා ගැනීමට යතුරුපැදිය ලබාදීමට මැළි වූයේ යතුරුපැදිය ලබා දුනහොත් තම රාජකාරී කටයුතු සිදුකරගැනීමට නොහැකි බැවිනි. ඒ වෙනුවටගෝට්ඨාභය රාජපක්‍ෂ මහතාට සුබ පැතීමේ පුවරු තුනක් ඔහුගේ වියදමින් සව් කරන බවට නීතිඥ මහතා ඉදිරියේ
පොරොන්දු වීමෙන් පසු අදාළ ඔට්ටුව නිරාකරණය කරගෙන ඇත.

දෙණියාය - ප්‍රියංක ගමගේ