2021 ජුනි මස 14 වැනිදා සිට 20 වැනිදා දක්වා එංගලන්තයේ ලෝඩ්ස්හිදී පැවැත්වෙන ලෝක ශුරතා ටෙස්ට් තරගාචලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් 2019 ජූලි මාසයේ සිට ඇගයීම අරඹා තිබේ.
ඒ අනුව ඊයේ නවසීලන්ත පිල පරාජය කරමින් ශ්‍රී ලංකා පිල ප්‍රසාද ලකුණු 60 ක් ලබා ගන්නා ලදි.

 ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණෙන කණ්ඩායම් අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව මෙම තරගාවලියේදී හිමිවනු ඇත.

මෙම ලකුණු ලබාදීම පිළිවෙල අනුව  තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් එක් තරගයක් ජයග්‍රහණය කරන කණ්ඩායමට ලකුණු 60ක්ද,
තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා එක් තරගයක ජයට ලකුණු 40ක්ද තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියක එක් තරගයක ජයක් වෙනුවෙන් ලකුණු 24 බැගින්ද පිරිනැමෙනු ඇත.

තරග දෙකක තරගාවලියක තරගයක් සම වුවහොත් ලකුණු 30ක්ද, විසඳුමක් නොමැතිව අවසන් වුවහොත් ලකුණු 20ක්ද, තරග තුනකින් සමත්වී  තරගාවලීයක තරගයක් සම වුවහොත් ලකුණු 20ක්ද විසඳුමක් නොමැතිව අවසන් වුවහොත් ලකුණු 13ක්ද, තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියක තරගයක් සමවුවහොත් ලකුණු 12ක් හෝ විසඳුමක් නොමැති අවසන් වුවහොත් ලකුණු 8ක්ද වශයෙන් ලකුණු පිරිනැමේ.