රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කළ ප්‍රකාශයක් විකෘති කර උපුටා දක්වමින්  'මහා සංඝරත්නය ළමා අපචාර කරයි- රන්ජන් රාමනායක' යන
ශීර්ෂය යොදා වීඩියෝවක් පළ කිරීමෙන් තමා කෙරෙහි වැරදි අදහස් සමාජයේ ප්‍රචලිත වූ බවත් නියම තත්වය විකෘතිවීම නිසා අපහසුතාවයන්ට ලක්වූ බවත් දක්වමින් රාජ්‍ය අමාත්‍ය රන්ජන් සංගීත ශීල්පී ඉරාජ් වීරරත්නට එරෙහිව නඩු මගට එළැඹෙන බව දක්වමින් එන්තරවාසියක් යොමු කර තිබේ.
එහි රන්ජන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා ඉරාජ් වීරරත්නගෙන් ලක්‍ෂ 1000ක වන්දියක් ඉල්ලා තිබේ. එය නොගෙවන්නේ නම් ඔහුට විරුද්ධව නඩු මගට යන බව  ප‍්‍රකාශ කර ඇති. මෙම එන්තරවාසියේ කොපිය සමග අදහස් දක්වා තිබෙන  ඉරාජ් වීරරත්න සිය මුහුණු පොතින් ඊට මෙසේ ප්‍රතිචාර දක්වා ඇත.