ඊයේ මුහුදේ ඇතිවූ රළු ස්වභාවයත් සමග ගාල්ල පිටත වාරයේ නැංගුරම්ලා තිබූ. ශ්‍රී ලංකා ග්ලෝරි’
නම් නැවක් නැංගුරම බිඳී සැඩපහරට හසුව  ගසාගෙන ගොස් රූමස්සල සාම චෛත්‍ය අසළ ගල් පරයක

වැදි සිර වී ඇතැයි ගාල්ල වරාය පොලිසිය පවසයි.

මේ නැවේ 15ක පමණ පිරිසක් සිටින බව පවසන පොලිසිය කියයි.

ගාල්ල රුහුණු සිමෙන්ති කම්හලට ක්ලින්කර් ගෙන එන ලද නැවක් මෙලෙස නාවිකයින්ද සමග මෙසේ ගසාගෙන
ගොස් ඇත.

මේ වනවිට ගාල්ල සහ ඒ අවට ප්‍රදේශවලට තද සුළං සමග ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙමින්
පවතින අතර මුහුද ඉතා රළු වෙමින් ඇති හෙයින් එම ස්ථානයට යාමටද අපහසුවී ඇතැයිද පොලිසිය පවසයි.

මෙම නෞකාවේ පිරිස බේරා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවද පොලිසිය වැඩිදුරටත් පවසති

මොරවක ප්‍රියංකර ගමගේ